Friday, May 13, 2011

බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය #2


රායිට්, ළමයි... බට්ටගේ හීනේ දෙවැනි කොටස කියවන්න ලෑස්තිද ? කලින් කොටසෙදී බට්ටා නිබ්රු කියන ග්‍රහලෝකෙට හීනෙන් ගියානේ.  ඊට පස්සේ එහේ හිටපු නිබ්රු සෙට් එකක් එක්ක බට්ටා ආපහු යානාවකින් එනවා. දැන් බලමු එතන ඉඳන් මොකද වෙන්නේ කියලා.

Wednesday, May 11, 2011

බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය #1


ක්කොටොම කලින් කියන්න ඕනේ පහුගිය ටිකේම අළුතින් පෝස්ට් එකක් දාන්න බැරිවුනාට සමාවෙන්න කියලා. මීට කලින් දාපු පෝස්ට් එක දැම්මේ මාස 02 කට විතර පස්සේ. මේ පෝස්ට් එකත් මාසයක් විතර දිස්සෙම කොටනවා. ටික ටික කොටලා තමයි අහවරක් කලේ. පහුගිය මාසෙම එක එක වැඩ නොවැ. ඔෆීසියේ රාජකාරි බහුලයි. අනෙක් අතට මගේ කොම්පීටරේ හාඩ් ඩිස්ක් රාජයා ලෙඩක්  දැම්මා. එහෙන් world cup එක. ඊට පස්සේ අවුරුදු හා පාටි. තව ඉතින් ඔය අස්සේ අපේ පදිංචියත් වෙනස් කලා නොවැ. ඔය වැඩ අස්සේ පෝස්ට් එකක් ලියන්න වෙලාවක් හදාගන්න වගේම එක දිගට ඕක කොටන්න හිත හදාගන්නත් බැරිකමක් වුනා. ඒකට ඉතින් සමාවෙන්න ඕනෙ ඕං...


Saturday, May 7, 2011

ලෝකයේ විනාශකාරීම මත්ද්‍රව්‍යය ගැන දන්නවාද ?

හොරොයින්, කොකේන්, මරිජුවානා, කංසා ආදී ලෙස මත්ද්‍රව්‍යයන් බොහොමයක් ලොව පුරා ව්‍යාප්තව තිබුණත් ඒ සියල්ලටම වඩා බලවත්, දරුණු මත්ද්‍රව්‍යයක් තිඛෙන බව ඔබ දන්නවාද ? මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන්ට කිසි ලෙසකින් වත් ගැලවීමක් නම් නෑ. කොතරම් ප්‍රබල මත් ද්‍රව්‍යයක් වූවත් පුදුමයට කරුණ නම් අනෙකුත් මත්ද්‍රව්‍යයන්ට වඩා මෙය ඉතා ලාභ වීමයි. පහසුවෙන් ලබාගත හැකි වීම, අඩු මිලට ලබා ගත හැකිවීම හා භාවිතයේ පහසුව නිසා මෙය ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිරෙන බවයි පැවසෙන්නේ. මේ දරුණු මත්ද්‍රව්‍යය හැඳින්වෙන්නේ 'මෙත්' (Meth) නමින්. 

Tuesday, March 15, 2011

නූතන විඥානවාදය (!!!) නොහොත් මිනිස් බුද්ධියේ අග්‍ර ඵලය...



අවුරුදු ‍කෝටි 450 ක් පමණ වයස්ගත වන අප පෘථිවියේ ජීවය පහළ වූයේ කවරදා දැයි තවමත් නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකිව ඇත. එසේ වුවත් මේ මහ පොළොව මත අග්‍ර බුද්ධිය හිමි ජීවියා මනුෂ්‍යයා බවට නම් කිසිදු විවාදයක් නොමැත. සොබාදහම අභිබවා යමින් (පරදවමින් නම් නොවේ...) දියුණූ ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන නූතන මිනිසා සමස්ථ පෘථිවි ගෝලයම තම අණසකට යටත් කොට ගැනුමට තරම් බුද්ධියෙන්, දැනුමෙන් පොහොසත්ව සිටී. අවුරුදු ලක්ෂ 03 ක් පමණ වන මානව පරිනාමීය වංශ කථාවේ වානර බුද්ධියේ සිට අද දක්වා අපේ මනුෂ්‍ය මොළය පරිනාමය වීමට ගතවූ දීර්ඝ කාලය මිනිසා දැනුමෙන් සහ අත්දැකීම් වලින් පොහොසත් කර, පදම් කර ඇත.

Thursday, March 3, 2011

රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්... #2

මේ ලිපි පෙලේ දෙවැනි ලිපියයි මේ. පසුගිය සතියේ පළවුණු මෙහි පළමු ලිපියට මම හිතුවාටත් වඩා ප්‍රතිචාර තිබුණා. රාවණා ගැන මෙන්ම අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැනත් බොහෝ දෙනෙක් උනන්දුවක් දැක්වීම ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ වගේම මේ සම්බන්ධ තවත් ලිපි හා සබැඳීන් ලබාදුන් හා ප්‍රතිචාර දැක්වීමෙන් දිරිමත් කළ ආදරණීය පාඨක ඔබ සැමට ගොඩාක් ස්තුතියි. මේ හා සම්බන්ධව පූර්ණ කතිකාවතක් ඇති කිරීම මෙහි අභිප්‍රායයි. මේ පළවෙන්නේ රාවණා රජු හා සම්බන්ධ ‍‍‍ඓතිහාසික ලිපි මාලාවේ දෙවැන්නයි. පසුගිය ලිපියේ මෙන්ම මේ ලිපියේත් අඩංගු අන්තර්ගතය විකිපීඩියා ඉංග්‍රීසි අඩවියෙන් ලබාගත් තොරතුරු ආශ්‍රයෙන් සකස් කර ඇති බව පැවසිය යුතුයි. පිළිගත හැකි තොරතුරු අන්තර්ගත බැවින් මේ සඳහා විකිපීඩියා විශ්වකෝශය පදනම් කරගත් අතර ඉදිරියේදී මේ හා සම්බන්ධ දෙස් විදෙස් අන්තර්ජාල මෙන්ම වෙනත් මූලයන් ආශ්‍රයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමටත්, ඒ වාගේම මේ මාතෘකාව සම්බන්ධයෙන් තර්කානුකූල විමසීමක් සිදුකිරීමටත් බලාපොරොත්තු වෙනවා. 
ඉතින්... පසුගිය ලිපිය, මේ ලිපිය මෙන්ම ඉදිරියේ පළවන ලිපි සමගත් එකතු වී හිඳින මෙන් ආදරයෙන් මතක් කර සිටිනවා. ස්තූතියි...!


Thursday, February 24, 2011

රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්...

හැඳින්වීම :

රාවණා යනු මීට වසර 4500කට පමණ පෙර එනම්,  ක්‍රි.පු. 2554 සිට ක්‍රි.පු. 2517 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ ‍ඓතිහාසික අගරජවරයෙකි. පුරාණ හින්දු වීර කාව්‍යයක් වන රාමායනය හි ඔහු ප්‍රධාන දුෂ්ඨ චරිතය ලෙස අර්ථ දක්වා තිබේ. ශුද්ධ වූ පුරාණ ග්‍රන්ථයන්ට අනුව රාවණ චරිතය විස්තර කර ඇත්තේ සෘණාත්මක ආකාරයකිනි. ඒ රාවණ රජුගේ සොහොයුරිය වන සුපනඛාගේ නාසය කපා දැමීමට පළිගැනීමක් වශයෙන් රාවණා විසින් රාම රජුගේ බිරිඳ වන සීතා දේවිය ඉතාමත් දුෂ්ඨ ලෙස පැහැරගෙන ගියේය යන තර්කය මත පදනම් ව කරුණු දැක්වීමෙනි. මේ දුෂ්වර්ණනය කෙසේ වෙතත් මෙම ඓතිහාසික සංසිද්ධිය වෙනත් අර්ථ විවරණයන්ට ද  මග පාදයි.

Wednesday, February 23, 2011

ක්ෂණිකව පල දුන් සත්ත්ව කරුණාව...


     ඉතින්... හුඟ කාලෙකට පස්සෙ ආයෙත් පෝස්ට් එකක් දාන්නේ.  ලියන්න දේවල් නැතුව නෙවෙයි. වෙලාව අඩු නිසා. මැෂින් එක
on කලෙත් දවස් දෙකකට පස්සේ. ඉතින් දැන් මේ කියන්න යන්නේ තවත් රස කථාවක් ... hot hot කථාවක්... මීට කලින් දාපු ත්‍රිවිලර්  කථාව මතක ඇතිනේ. මේකත් ටිකක් ඒ වගේ...

Thursday, February 17, 2011

බ්ලොග්කරණයේ අස්වැන්න

ද නම් සෑහෙන්න සතුටු දවසක්. චතුගේ කථා පටන් අරන් ගිය සඳුදට හරියටම සති 3 යි. මේ දවස් 24 ට 400 කට වැඩි දෙනෙක් මගේ බ්ලොග් එකට ඇවිත්. තවමත් මගේ බ්ලොග් එකේ post 7 යි තියෙන්නේ. ඉතින් සතුටට හේතුව කිව්වේ නෑනේ. ගිය ඉරිදා තමා SBR (Sinhala Blog Reader) එකට මගේ බ්ලොග් එක එකතු කර ගත්තේ. Phone එකේ ඒ E-mail එක දැකලා මට සෑ‍හෙන්න සතුටක් ආවා.