මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඔවුන් සිතූ තරම් ජනප්‍රිය නොවූ බව ජනප්‍රිය කරුණකි. ඔවුන් විසින් ඒ අසාර්ථකත්වය උදා කරගත්තේ පරශීලක කැමැත්තට වඩා සමාගමේ අභිප්‍රායයන් සිය නව මෙහෙයුම් පද්ධතියට පටවන්නට ගත් තීරණය නිසාවෙනි. දැන් පෙනෙන්නට තිබෙන්නේ ඒ හිතුවක්කාරකම් පැත්තකට කර, සිය පරණ මෝඩකම් මඟ ඇර ගනිමින් මයික්‍රොසොෆ්ට් සමාගම අලුත් පාරක යන්නට සූදානම් බවයි. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන්නට නියමිත නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10, මෙතෙක් බිහිවූ හොඳම මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය කරන්නට ඔවුන් අධිෂ්ඨාන කරගෙන ඇති බව පසුගිය මාස කිහිපයක සිටම අපට පෙනෙන කරුණු වලින් සනාථ වෙමින් පවතී. වින්ඩෝස් 8 හි සිට වින්ඩෝස් 9 ඉදිරිපත් කරනවා වෙනුවට, සම්පූර්ණ වෙනසක් පෙන්වීම සඳහා නව මෙහෙයුම් පද්ධතියේ නම පවා වින්ඩෝස් 10 ලෙස වෙනස් කිරීමම එයට නිදසුනක් පමණී. දැන් මේ වින්ඩෝස් ‘යහගුණ‘ තවත් වැඩි කරලීම සඳහා මෙතෙක් කල් වින්ඩෝස් පද්ධතියේ අනිවාර්ය බ්‍රවුසර සගයා වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙනුවට නවතම වෙබ් බ්‍රවුසරයක් වින්ඩෝස් 10 සමග හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් බව අසන්නට ලැබේ.
Showing posts with label පරිගණක. Show all posts
Showing posts with label පරිගණක. Show all posts
Wednesday, December 31, 2014
Sunday, August 25, 2013
- පරිගණක මවුසයේ නිර්මාතෘ ඩග්ලස් එංගල්බර්ට් ලොවෙන් සමුගනී -
මෙම ලිපිය කියවන ඔබේ අත
මේ මොහොතේත් රැඳී ඇත්තේ මීට වසර 40 කට පෙර ඔහු විසින්
නිපදවන ලද ඒ අපූරු නිර්මාණය මතයි.
ඔබේ අත්ලට යටින් ඇති පරිගණක මවුසයේ නිර්මාතෘවරයා ඔහුයි. ලෝකය වෙනස් කළ තාක්ෂණික
සංකල්ප රැසක් ලොවට ඉදිරිපත් කලේ ඔහුයි. ඩග්ලස් එංගල්බර්ට් නම් වූ මේ අසහාය පරිගණක
පුරෝගාමියා වසර 88 ක් වූ සිය ජීවන කාලය
නිමා කොට පසුගිය ජූලි 02 වැනි දා සදහටම සිය
දෑස් පියා ගත් වග පාඨක ඔබට දැන්විය යුතුව තිබේ.
Labels:
අන්තර්ජාලය,
චරිත කථා,
පරිගණක,
මවුස්
Wednesday, November 21, 2012
- Contact Lens (සිවි කාච) තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ? -
Labels:
ගැජට්,
තාක්ෂණික,
පරිගණක,
විද්‍යාත්මක
Friday, November 16, 2012
- ඇඟිලි සෙලවීමෙන් පරිගණකය හසුරුවන LEAP -
පරිගණකය සහ පරිගණක තාක්ෂණය කොතරම් දියුණුවට පත්වූවත්, මිනිසා පරිගණකය සමග සම්බන්ධ වන මූලික ආකෘතිය තවමත් වැඩි වෙනසකට ලක්වී නැත. පරිගණකය තරම්ම පැරණි යතුරු පුවරුවත් (Key Board), අවුරුදු 40 ක් පැරණි මවුසයත්, මෑතකදී කළ එළි පැමිණි ස්පර්ශ-සංවේදී තිර (Touch Screen) තාක්ෂණයත් පරිගණකය වෙත විධාන ලබාදීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදයි. මේ සෑම උපාංගයක් හා ක්‍රමවේදයක් සමගම මිනිසා හා පරිගණකය අතර භෞතික මැදිහත් වීමක් අනිවාර්යය වී තිබිණි. නමුත් දැන්, ඒ සියළු සීමා මායිම් බිඳ දමමින්, නිදහසේ - වඩාත් ස්වභාවික හා තාත්වික ආකාරයෙන් පරිගණකය වෙත විධාන දෙන්නටත්, ඩිජිටල් ලෝකය හා එක් වන්නටත් නවතම ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
Wednesday, September 26, 2012
- ශ්‍රවණ තත්ත්වයට හානි නොකර ශබ්ද ගොනු හකුලවන FLAC -
Sunday, September 16, 2012
- 2013 දී එන DDR4 මතක පත් (DDR4 RAM) -
Saturday, June 23, 2012
- අළුත් පරිගණක ගැජට් ගැන දැනගනිමු [#2] -
තාක්ෂණයේ දියුණුවත් එක්කම එළි දැක්වුනු අපූරු ගැජට් කීපයක් ගැන පහුගිය ලිපි කිහිපයකිනුත් ඉදිරිපත් කලා මතක ඇති. පරිගණක, සන්නිවේදන හා විනෝදාස්වාද යන ආකාරයෙන් අපේ එදිනෙදා ජීවිතය පහසු කරවන මේ නව තාක්ෂණික උපාංගයන් නූනන තාක්ෂණික විස්මයන් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඉතින් බලන්න, මේ ගැජට් අතර ඔබ සොයමින් සිටි ආකාරයේ උපාංගයක් තියෙන්නත් බැරිකමක් නෑ...Tuesday, May 15, 2012
- සිලිකන් චිප් යුගය අවසන් කරමින් එන මොලිබ්ඩිනයිට් චිප් -
Labels:
තාක්ෂණික,
පරිගණක,
විද්‍යාත්මක



