Tuesday, July 26, 2011

ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු World mysteries #3


න්න එහෙනම් මේ ලිපි මාලාවේ තුන්වැනි සහ අවසාන කොටස තමයි මේ... පහුගිය පළමු කොටස සහ දෙවන කොටසට ගොඩාරියක් ප්‍රතිචාර තිබුණා. ඇත්තටම කියනවා නම් මේ අන්තිම ටික නම් පළ කරන්නේ ගොඩක් අමාරුවෙන්. ඒ වුනත් ඉතින් ඔයාලා හැමෝම ගොඩක් උනන්දුවෙන් බලා ඉන්නවා කියලා දන්න නිසා අන්තිම කොටසත් ඔන්න පුළුවන් තරම් ඉක්මනට දැම්මා... මේ දේවල් දැකලා, කියවලා මට ඇතිවුනු කුතුහලය හා රසය ඔයාලටත් ලැබුනා නම් මගේ උත්සාහය සාර්ථකයි. මේ අන්තිම ටිකේ තමයි හොඳම දේවල් තියෙන්නේ. එහෙනම්, ඔන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු... ලෝක අභිරහස්... අවසාන කොටස...!

Friday, July 22, 2011

ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු World mysteries #2

තින් ඔන්න පොරොන්දු වුන විදියටම පහුගිය ලිපියේ ඉතුරු ටික අරගෙන ආවා. දවසක් ප්‍රමාද වුනා... සමාවෙන්න ඕනෙ. පහුගිය ලිපිය පළකරන කොට නම් මේ තරම් කට්ටිය කැමති වෙයි කියලා හිතුනේ නෑ. දැන් බලන් ගියාම මටත් වඩා paranormal ගැන උනන්දු කට්ටිය ඉන්නවනේ...! ඉතින් මේ තොරතුරු ටික හොයාගෙන, පිළිවෙල කරගෙන, කොටාගෙන මේකෙ පළ කරන්න ඔයාලා දෙන සපෝට් එකට හද පතුලෙන්ම ස්තුතියි කියන්න ඕනේ. පින්තූර නිසා ලෝඩ් වෙන්න ටිකක් ප්‍රමාද වෙයි. අඩුපාඩුවක් මොනව හරි තියේ නම් කියන්නකෝ. ඔන්න එහෙනම් යමු... ලෝක අභිරහස්... අංක... 2 !!!

Tuesday, July 19, 2011

ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු - World Mysteries


    ලෝකේ දියුණුයි... විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුළුවන්... ඕනෙම ප්‍රශ්නෙකට තාක්ෂණේ උත්තර දෙනවා කියලා හිතාගෙන හිටියට ‍මොකද, මෙච්චර දියුණුයි කියන නූතන මානවයටත් විසඳගන්න බැරි ගැටළු... ලෙහා ගන්න බැරි අවුල්... අගක් මුලක් හොයාගන්නවත් නැති අවස්ථාවන් නම් මේ ලෝකයේ අනන්තයි... අප්‍රමාණයි. මේ ලිපියේ ඡායාරූප එක්ක ඉදිරිපත් කරලා තියෙන වස්තුන් සියල්ලම පැහැදිලි කිරීමක් කරන්න බැරි තරමේ අරුම පුදුම අද්භූත දේවල්. මේවා කොහෙන් ආවද ? කොහොම හැදුවද ? මොකට හැදුවද ? කියන එක තමයි ප්‍රශ්නේ... එනම් බලලම කියවන්නකෝ... මේ තමා ලෝක අභිරහස්...!!!

Saturday, July 16, 2011

කෙස් ගස් උඩත් දුවන - කෙස් ගහට නිවැරදි මවුසය


මුලින්ම මවුස් එකක් අල්ලපු දවස මතකද ? නුහුරුවට අතින් අල්ලගෙන... හෙමින් හෙමින් එහෙට මෙහෙට වැනි වැනි... කර්සර් එක තිරේ පුරා නට නට දිව්ව හැටි මතකද ? අපි ඉගෙන ගන්න කාලේ තිබුනේ පරණ තාලේ trackball mouse. දැන් නම් ඒවා නැත්තටම නෑ වගේ. (මම නම් තාම පාවිච්චි කරන්නේ ඒකක්...!) ඊට පස්සේ ඔය යාන්ත්‍රික වැඩකෑලි නැතුව ආලෝක වෙනස්කම් වලට දුවන optical mouse ආවා. මේ ජාතියේ මවුස් කලින් ඒවට වඩා නිවැරදිව හසුරවන්න පුළුවන්. අනික trackball mouse වලට වගේ මවුස් පෑඩ් ඕනෙත් නෑනෙ. ඕනෙම සමතල මතුපිටක දුවනවා - වීදුරු ඇර... දැන් මෙයාටත් වඩා හොඳට දුවන smart mouse එකක් A4 Tech සමාගමෙන් හඳුන්වා දීලා. මේ අළුත් මවුස් එකේ විශේෂත්වය තමා මෙයාට ඕනෙම මතුපිටක දුවන්න තියෙන හැකියාව...

Saturday, July 9, 2011

බ්‍රවුසරයේ මුල් පිටුවෙන් අළුත්ම පෝස්ට් බලන්න - iGoogle Home page

Google සේවාවක් වන iGoogle ගැන අහලා තියෙනවද ? මේ සේවාව ගොඩ දෙනෙක් භාවිත නොකලාට ගොඩක් ප්‍රයෝජනවත් සේවාවක්.  iGoogle වලින් කරන්නේ අපේ බ්‍රවුසරයේ මුල්පිටුව (Home Page) අපට අවශ්‍ය ආකාරයට සකසා ගන්නට ඉඩ සලසා දීමයි. iGoogle වලින් ලබාදෙන මේ මුල්පිටුව අපේ Gmail ගිණුමේ අළුත් ලිපි, නවතම කාලගුණ තොරතුරු, නවතම පුවත් ශීර්ෂ, අපි කියවන බ්ලොග් හෝ වෙබ් අඩවි වල අළුත්ම ලිපි හා තවත් නොයෙක් ගැජට් වලින් අපට අවශ්‍ය ආකාරයකට සකසා ගන්නට පුළුවන්. මේ සේවාව දැනටමත් අත්විඳින අයත් ඇති. නොදන්නා අයටත් මේ ලිපිය මගින් iGoogle සේවාවේ ප්‍රයෝජන ලබාගන්න පුලුවන්...

Tuesday, July 5, 2011

ඇඟිල්ලේ පළඳින රැහැන් රහිත මුදු මවුසය


රිගණකයක් භාවිතා කර ඇති සෑම කෙනෙක්ම මවුසයෙන් ඇති ප‍්‍රයෝජනය ගැන නොදැන සිටිය නොහැකියි. නිපදවා අවුරුදු 30 ක් ගත වුවත් තවමත් අප භාවිතා කරන්නේ සාම්ප‍්‍රදායික හැඩයේ මවුසයයි. එහි තාක්ෂණය හා හැඩරුව ස්වල්ප වශයෙන් වෙනස් වුවත් තවමත් එහි මූලික නිර්මාණ සංකල්පය එහි මුල් පිටපතෙන් වෙනස් වන්නේ ස්වල්ප වශයෙනි.