skip to main |
skip to sidebar
මුලින්ම, අනේක
වාරයක් සමාව
ඉල්ලා හිටිනවා...
මේ කථා පෙළ
පළ කරන්න
මෙච්චර පමා වුනු
එක ගැන.
හිතා මතා පැහැර
හැරියා නෙවෙයි.
කොච්චර වුවමනාව
තිබුණත් මේ බ්ලොග්
වලට ඉබේ අකුරු
එන්නෑ නොවැ...
ටයිප් කරන්නම
එපායෑ... ඒ
මදිවට ඉතිහාසය
ගවේෂණය කරන්නත්
ඕනේ, දැනට
අවුරුදු 10 කට වගේ උඩදි
සිද්ධ වුනු
දේවල් නොවැ.
කාරි නෑ, ඔන්න
මං ආයෙත්
සෑ...හෙන්න
කාලයකට පස්සේ
බෑන්ඩ් කථා අරගෙන
ආවා... ඔය
මෙච්චර කල් නාහෙන්
අඬ අඬ, ඒ මදිවට
තර්ජනේ දාගෙන
හිටපු උන්දැලා
ඕං ඇවිත්
කියෙව්වා නම්...
හරි, එහෙනම්... දයාබර රසික
රසිකාවියනි.... මෙන්න
නැවතත් වේදිකාවේ...
චතූගේ බෑන්ඩ්
කථා...
හෙළ භාෂා පුනරුදයේ නියමුවා වූ කුමාරතුංග මුනිදාස
ශූරීන් ගැනත්, එතුමා විසින් සම්පාදනය කරන්නට යෙදුනු වටිනා ග්‍රන්ථයක් වන
ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය යන පොත පිළිබඳවත් පෙර ලිපියකින් පළ කරා මතක ඇති. කුමාරතුංගයන්
ගැන තවත් ලියන්නට විස්තර කාරණා ඇතිමුත්, වේලා අරගෙන ටිකක් නිවාඩුවේ කරන්න ඕනේ නිසා
එතුමා ගැන වැඩිදුර විස්තර ටිකක් පසුවට පළ කරන්නම්. මම කලිනුත් කිව්වා වගේ, ඉහත
සඳහන් ග්‍රන්ථය තුළ අඩංගු නොයෙකුත් කථාන්තර අතරින් කියවන්නට, රසවිඳින්නට මෙන්ම දැනුම
ලබන්නත්, සිතන්නටත් පොළොඹවන සුලු කථාන්තර රාශියක්ම දැකියි හැකියි. ඒ අතරින් තෝරා
ගත් පුංචි පුංචි කථා ටිකක් තමයි මේ...
ආයෙත් ඔන්න සෑහෙන
කාලෙකට පස්සේ සංගීත පාඩමක් අරගෙන ආවා... මේ වැඩේ දිගට කරගෙන යන්න කොච්චර හිතාගෙන
උන්නත් මොකක් හරි හේතුවක් උඩ ඒකට බාධා වෙනවා. කොහොම වුනත්, ඔන්න ඉතින් හිතාගෙන
හිටිය විදියට මේ කොටස ඉවරකලාට පස්සේ අපිට පුළුවන් ඊළඟ කොටසේ ඉඳන් පුරුදු විදියට
ආයෙත් බෑන්ඩ් කථා පටන් ගන්න. අද කියන්න යන්නේ ස්ටේජ් එකේ උපදින සංගීතය, විද්‍යූත්
උපාංග වලින් පාලනය වෙලා, ශබ්ද පද්ධති හරහා ඔයාලගේ කන දක්වා එන ගමන ගැනයි. පුළුවන්
තරම් සරල විදියට මේ ටික පැහැදිලි කරලා දෙන්න තමයි මේ සූදානම...
හරියටම අවුරුද්දයි මාස 2කට කලින් මම HSDPA ඩොංගල් එකක් ගත්ත කථාව ඔයාලට කිව්වා මතක ඇති නේද ? මේක නම් ඊටත් වඩා සතුටු ආරංචියක්... අන්තර්ජාලෙට
එන්න විදියක් නැතිව ඉන්දැද්දී තමයි යාන්තම් ඩොංගලයක් සෙට් කරගත්තේ. ඒ වුනත් ඉතින් Package
එකක් නම් ගත්තේ නෑ. Daily delight 100MB
ඇක්ටිව්
කරගෙන තමා මෙච්චර කල් ඕක රන් කලේ. GPRS
එක්ක බලද්දී HSDPA
ලොකු හයියක් වුනත්, ඕන ඕන හැටියට ජාලේ සරන්න නිදහසක් නම් තිබුනේ නෑ. අපේ
පැත්තට SLT ADSL
කනෙක්ෂන්
ඇත්තෙත් නෑ. ඉතින් නිදහසේ ජාලේ සරන්න විදියක් හොය හොයා ඉන්දැද්දී තමා මේ Unlimited Broadband
වැඩේ
අහුවුනේ...