skip to main |
skip to sidebar
අන්තර්ජාල දැවැන්තයා වන ගූගල් සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන අතරම අති විශාල පිරිවැටුමක් ද හිමි
සමාගමකි. තමා උපයන ලාභය නොයෙක් ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ගූගල් සමාගමේ
පිළිවෙතකි. පසුගිය වසරේදී වාර්තා වූ පරිදි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කල ගූගල් සමාගම මෙවර සිය අවධානය යොමු කර තිබෙන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙතයි. ඒ මිනිස් අනුදැනුමකින් තොරව,
සම්පූර්ණ ස්වයංක්‍රීයව ධාවනය වන කෘතිම බුද්ධි කාර් රථයක් නිපදවීමටයි.
ශබ්ද
ගොනු පිළිබඳව කථා කරන විටදී දත්ත හැකිළීම (Audio Compresson) පිළිබඳ ද කථා නොකරම බැරිය. ඒ,
සම්පීඩනය නොකරන ලද ශබ්ද ගොනු ගබඩා
කිරීමේදී අධික ධාරිතාවයක් වැය වන නිසායි. ශබ්ද ඉංජිනේරුවන් විසින් උසස් තත්ත්වයේ ශබ්ද ගොනු මාදිලිය
ලෙස සලකන .WAV ගොනු මාදිලියේදී එක් විනාඩියක් සඳහා මෙගාබයිට 10
ක ඉඩක් වැයවේ. ඒ ආකාරයෙන් ගීතයක් පටිගත කළවිට එය
මෙගාබයිට 50
කට ආසන්න ධාරිතාවයක් ගනු ඇත. මේ
අධි-ධාරිතාවයකින් යුත් ශබ්ද ගොනු සඳහා විකල්පයක් ලෙස MP3, WMA
ආදී ගොනු මාදිලි වඩාත් ජනප්‍රිය විය. ඒ ඒවායේ අඩු ධාරිතාවය නිසායි.
පරිගණක මතක් පත් (RAM)
තාක්ෂණය ද අන් සෑම
තාක්ෂණ ක්ෂේත්‍රයක් සේම අධි-වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්‍රයකි. දෙගුණයක දත්ත
වේගයක් සමගින් 2000
වසරේදී එළි
දුටු DDR
තාක්ෂණය DDR2
හා DDR3
ලෙස මේ වන විට විශාල ප්‍රගතියකට ලක්ව ඇත. වර්තමානයේදී DDR3
මතක පත් සෑම උපාංගයකම පාහේ ක්‍රියාත්මක වනු දැකියි
හැකියි. ඒ එහි අඩු මිල,
ඵලදායිතාවය හා සුලභතාවය නිසායි. DDR
3 තාක්ෂණයට
වඩා බොහෝ සෙයින්
වැඩි දියුණු කරන ලද නවතම තාක්ෂණයෙන් යුත් මීළඟ පරපුරේ මතක පත් ලෙස DDR4
වර්ගයේ RAM
එළි දැක්වීමට සූදානම් බව දැන් වාර්තා වේ.
1. Bugatti Veyron Super Sport:
උපරිම වේගය
පැයට කිලෝමීටර 430
කි. (430 Kmph)
තත්පර 2.4
කදී 60 mph* වේගයක් ගනී. Narrow
Angle 8 Liter W16 වර්ගයේ අශ්ව බල 1200
ක ඇලූමිණියම් එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 2
,400
,000
කි. 2007
මාර්තු හිදී Bugatti
Veyron රථය විසින්
හිමි කරගෙන තිබූ වේග වාර්තාව SSC
Ultimate Aero කාර් රථය විසින් පරාජය කරනු ලැබිණි. එයින් පසු Bugatti සමාගම විසින් Bugatti
Veyron Super Sport මාදිලිය නිෂ්පාදනය කර 2010
ජූලි මස ලෝකයේ වේගවත්ම කාරය ලෙස කිරුළු පැළඳීය.