Wednesday, January 24, 2018
අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!
Labels:
ජීවන සටහන්,
බ්ලොග්කරණය
Tuesday, August 22, 2017
මෙන්න ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම එක, Android 8.0 - Oreo

Labels:
ජංගම දුරකථන,
මෘදුකාංග
Monday, December 26, 2016
ඔයා හපනෙක් ද ? පුළුවන් නම් උත්තර දෙන්න...
ඉතින්... අළුතෙන් වැඩක් පටන්ගන්න හිතුවා... ටිකක් විතර මහන්සි වෙන්නත් වුනා. ඒ වුනත් ඔයාලා හැමෝම කැමති වේවි. මොකක්ද මේ ? මේක මේ ප්‍රශ්ණාවලියක්. බලන, කියවන ඔයාලට චැලෙන්ජ් එකක් දෙන්නයි මේ හදන්නේ... සාමාන්‍ය දැනුම ප්‍රශ්ණ ටිකක් මම හදලා තියෙනවා. බලන්න හරියට උත්තර දෙන්න පුළුවන් ද කියලා... පොඩි අත්හදා බැලීමක් තමයි කලේ... වැරදි අඩුපාඩු තිබ්බොත් කියලා යන්න හොඳේ. එහෙනම් ඔන්න පටාන් ගමු...!!!
Labels:
ප්‍රශ්ණාවලි
Saturday, December 24, 2016
අනාගතයට අප රැගෙන යන නව තාලයේ ප්‍රවාහන උපක්‍රම...
ප්‍රවාහනය යනු එක් තැනකින් තවත් තැනකට ගමන් කිරීම පමණක්ම නොවේ. වර්තමානය වන විට එය කලාවකි - විලාසිතාවකි - සමහර විටකදී, උන්මාදයකි. ඒ කුමක් වුවත් අනාගත ලෝකයේ ප්‍රවාහන උපයෝගීතාවයන් අප සිතනවාට වඩා බොහෝ වෙනස් මගක් ගනු ඇති. අනාගතය දෙස නෙත් යොමා, වර්තමානයේදී යථාර්ථයක් ලෙසින් එලි දකින්නට සැරසෙන නවතම ප්‍රවාහන උපක්‍රම කීපයක් ඔබට ගෙන එන්නටයි මේ සූදානම...
Labels:
තාක්ෂණික,
රථ වාහන,
විද්‍යාත්මක
Tuesday, January 27, 2015
පට් ගාලා මූණුපොතට පනින්න - Facebook Lite ඇවිත්...
අපි හැමෝම ගාවම දැන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙනවා. බහුතරයක් දෙනා තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් එකේ වැඩියෙන්ම භාවිතා කරන app එක තමයි Facebook කියන්නේ. ලංකාව වගේ දියුණු වෙමින් පවතින, අන්තර්ජාල සම්බන්ධතා එතරම් වේගවත් නැති රටවල් වලදී නම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් facebook යන එක එතරම් වේගවත් අත්දැකීමක් නම් නෙවෙයි. ඉතින්, ලංකාවේ අපේ මූණුපොත පාවිච්චි කරන සුවහසක් ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන්ට දැන් නිදහසේ facebook යන්න විදියක් ඇවිත්. කොහොමද කියලද අහන්නේ... ඒකට උත්තරේ තමයි - Facebook Lite !
Labels:
ජංගම දුරකථන,
මෘදුකාංග
Wednesday, January 7, 2015
ඡන්දේ දුන්නේ කාටද ඕයි...!!!
ඒ ජනවාරි මස 09 වැනිදා රාත්‍රියයි. නිමාවූ ජනාධිපතිවරණයේ උණුසුම නියම අයුරින් මතුව ඇත්තේ දැන් බව පෙනේ. උදෑසනම ඡන්ද ප්‍රතිඵල එද්දී මොකක් හෝ වෙතැයි හිත කීවත්, සුපුරුදු පරිදි මම රාජකාරියට යෑම නම් අතපසු නොකලෙමි. ගියත් කරන්නට වැඩක් නම් තිබුණේ නැත. සුපුරුදු පරිදි පශ්චාත් මැතිවරණ විශ්ලේශණය සඳහා සේවා ස්ථානයේ සගයෝ මුළු දවසම පාහේ නිර්ලෝභීව වැය කලෝය. සේවා ස්ථානයේ දී සන්සුන් ලෙසින් කාලය ගත වූවත්, අද වැඩට ආ මෝඩකම යැයි හැඟෙන්නට වූයේ වැඩ අහවර වී ගෙදර යන්නට මගට බැස්සාට පසුවයි.
Labels:
කාලීන,
ප්‍රබන්ධ,
බට්ටගේ හීන,
රස කථා
Wednesday, December 31, 2014
Windows 10 සමග එන අළුත්ම මයික්‍රොසොෆ්ට් බ්‍රවුසරය - Spartan
මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඔවුන් සිතූ තරම් ජනප්‍රිය නොවූ බව ජනප්‍රිය කරුණකි. ඔවුන් විසින් ඒ අසාර්ථකත්වය උදා කරගත්තේ පරශීලක කැමැත්තට වඩා සමාගමේ අභිප්‍රායයන් සිය නව මෙහෙයුම් පද්ධතියට පටවන්නට ගත් තීරණය නිසාවෙනි. දැන් පෙනෙන්නට තිබෙන්නේ ඒ හිතුවක්කාරකම් පැත්තකට කර, සිය පරණ මෝඩකම් මඟ ඇර ගනිමින් මයික්‍රොසොෆ්ට් සමාගම අලුත් පාරක යන්නට සූදානම් බවයි. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන්නට නියමිත නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10, මෙතෙක් බිහිවූ හොඳම මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය කරන්නට ඔවුන් අධිෂ්ඨාන කරගෙන ඇති බව පසුගිය මාස කිහිපයක සිටම අපට පෙනෙන කරුණු වලින් සනාථ වෙමින් පවතී. වින්ඩෝස් 8 හි සිට වින්ඩෝස් 9 ඉදිරිපත් කරනවා වෙනුවට, සම්පූර්ණ වෙනසක් පෙන්වීම සඳහා නව මෙහෙයුම් පද්ධතියේ නම පවා වින්ඩෝස් 10 ලෙස වෙනස් කිරීමම එයට නිදසුනක් පමණී. දැන් මේ වින්ඩෝස් ‘යහගුණ‘ තවත් වැඩි කරලීම සඳහා මෙතෙක් කල් වින්ඩෝස් පද්ධතියේ අනිවාර්ය බ්‍රවුසර සගයා වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙනුවට නවතම වෙබ් බ්‍රවුසරයක් වින්ඩෝස් 10 සමග හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් බව අසන්නට ලැබේ.
Labels:
අන්තර්ජාලය,
පරිගණක,
මෘදුකාංග
Monday, November 24, 2014
මේ දවස් වල මොකද වෙන්නේ...!!!
ඉතින්, කොහොමද...? ආ.....! ඔයාලා නම් ටිකක් විතර වෙනස් වෙලා වගේ... ඇයි ඉතින් දෙයියනේ කොච්චර කාලෙකට පස්සෙද මේ. ඇත්තටම කිව්වොත් මමත් හිතුවේ නෑ නොලියාම ඉන්නවා කියලා. ඒත්, ලියන්න වුනේ නෑ... අනේ මන්දා. සමහරු තරහත් ඇති... දෙයියනේ කියලා ඒ සැමගෙන් ම සමාව ඉල්ලන ගමන් අපි කථාව පටන් ගමු...
Labels:
ජීවන සටහන්






