Tuesday, March 15, 2011
නූතන විඥානවාදය (!!!) නොහොත් මිනිස් බුද්ධියේ අග්ර ඵලය...
Labels:
ගවේෂණ,
ශාස්ත්රීය,
සමාජයීය,
සංවාද
Thursday, March 3, 2011
රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්... #2
මේ ලිපි පෙලේ දෙවැනි ලිපියයි මේ. පසුගිය සතියේ පළවුණු මෙහි පළමු ලිපියට මම හිතුවාටත් වඩා ප්රතිචාර තිබුණා. රාවණා ගැන මෙන්ම අපේ ප්රෞඩ ඉතිහාසය ගැනත් බොහෝ දෙනෙක් උනන්දුවක් දැක්වීම ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ වගේම මේ සම්බන්ධ තවත් ලිපි හා සබැඳීන් ලබාදුන් හා ප්රතිචාර දැක්වීමෙන් දිරිමත් කළ ආදරණීය පාඨක ඔබ සැමට ගොඩාක් ස්තුතියි. මේ හා සම්බන්ධව පූර්ණ කතිකාවතක් ඇති කිරීම මෙහි අභිප්රායයි. මේ පළවෙන්නේ රාවණා රජු හා සම්බන්ධ ඓතිහාසික ලිපි මාලාවේ දෙවැන්නයි. පසුගිය ලිපියේ මෙන්ම මේ ලිපියේත් අඩංගු අන්තර්ගතය විකිපීඩියා ඉංග්රීසි අඩවියෙන් ලබාගත් තොරතුරු ආශ්රයෙන් සකස් කර ඇති බව පැවසිය යුතුයි. පිළිගත හැකි තොරතුරු අන්තර්ගත බැවින් මේ සඳහා විකිපීඩියා විශ්වකෝශය පදනම් කරගත් අතර ඉදිරියේදී මේ හා සම්බන්ධ දෙස් විදෙස් අන්තර්ජාල මෙන්ම වෙනත් මූලයන් ආශ්රයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමටත්, ඒ වාගේම මේ මාතෘකාව සම්බන්ධයෙන් තර්කානුකූල විමසීමක් සිදුකිරීමටත් බලාපොරොත්තු වෙනවා.
ඉතින්... පසුගිය ලිපිය, මේ ලිපිය මෙන්ම ඉදිරියේ පළවන ලිපි සමගත් එකතු වී හිඳින මෙන් ආදරයෙන් මතක් කර සිටිනවා. ස්තූතියි...!
Thursday, February 24, 2011
රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්...
හැඳින්වීම :
රාවණා යනු මීට වසර 4500කට පමණ පෙර එනම්, ක්රි.පු. 2554 සිට ක්රි.පු. 2517 දක්වා ශ්රී ලංකාව පාලනය කළ ඓතිහාසික අගරජවරයෙකි. පුරාණ හින්දු වීර කාව්යයක් වන ‘රාමායනය’ හි ඔහු ප්රධාන දුෂ්ඨ චරිතය ලෙස අර්ථ දක්වා තිබේ. ශුද්ධ වූ පුරාණ ග්රන්ථයන්ට අනුව රාවණ චරිතය විස්තර කර ඇත්තේ සෘණාත්මක ආකාරයකිනි. ඒ රාවණ රජුගේ සොහොයුරිය වන සුපනඛාගේ නාසය කපා දැමීමට පළිගැනීමක් වශයෙන් රාවණා විසින් රාම රජුගේ බිරිඳ වන සීතා දේවිය ඉතාමත් දුෂ්ඨ ලෙස පැහැරගෙන ගියේය යන තර්කය මත පදනම් ව කරුණු දැක්වීමෙනි. මේ දුෂ්වර්ණනය කෙසේ වෙතත් මෙම ඓතිහාසික සංසිද්ධිය වෙනත් අර්ථ විවරණයන්ට ද මග පාදයි.
Wednesday, February 23, 2011
ක්ෂණිකව පල දුන් සත්ත්ව කරුණාව...
ඉතින්... හුඟ කාලෙකට පස්සෙ ආයෙත් පෝස්ට් එකක් දාන්නේ. ලියන්න දේවල් නැතුව නෙවෙයි. වෙලාව අඩු නිසා. මැෂින් එක on කලෙත් දවස් දෙකකට පස්සේ. ඉතින් දැන් මේ කියන්න යන්නේ තවත් රස කථාවක් ... hot hot කථාවක්... මීට කලින් දාපු ත්රිවිලර් කථාව මතක ඇතිනේ. මේකත් ටිකක් ඒ වගේ...
Labels:
ජීවන සටහන්,
රස කථා
Thursday, February 17, 2011
බ්ලොග්කරණයේ අස්වැන්න
අද නම් සෑහෙන්න සතුටු දවසක්. “චතුගේ කථා” පටන් අරන් ගිය සඳුදට හරියටම සති 3 යි. මේ දවස් 24 ට 400 කට වැඩි දෙනෙක් මගේ බ්ලොග් එකට ඇවිත්. තවමත් මගේ බ්ලොග් එකේ post 7 යි තියෙන්නේ. ඉතින් සතුටට හේතුව කිව්වේ නෑනේ. ගිය ඉරිදා තමා SBR (Sinhala Blog Reader) එකට මගේ බ්ලොග් එක එකතු කර ගත්තේ. Phone එකේ ඒ E-mail එක දැකලා මට සෑහෙන්න සතුටක් ආවා.
Labels:
ජීවන සටහන්,
නොමැකෙන මතක,
බ්ලොග්කරණය
Monday, February 14, 2011
FB කළු ද ? සුදු ද ?
FB කියන්නේ Facebook කියලා සයිබර් අවකාශයේ සැරිසරන හැමෝම වගේ දන්නවා. ඇයි එහෙනම් මේ කළු - සුදු කථාවක්. ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ මාක් ෂුකර්බර්ග්, Facebook ප්රධානියා වර්ණ අන්ධතාවයෙන් පෙළෙන බව. ඒ නිසා තමයි Facebook වෙබ් අඩවිය තනිකරම නිල් පැහැයෙන් තනා ඇත්තේ. ඒත් එහෙනම් මොකක්ද මේ කළු ද සුදු ද කියලා අහන්නේ.
Labels:
අන්තර්ජාලය,
සමාජයීය
Wednesday, February 9, 2011
අවුරුදු 27 ක් වයසට යෑමේ සැමරුම් උත්සවය

මාතෘකාව දැක්කම පිස්සු වගේ නේද ? ඇත්තටම පිස්සුව මේක නෙමෙයි. ටිකක් කියවගෙන යන්නකෝ. වැඩේ මොකක්ද කියලා...
අද පෙබරවාරි 10 වෙනිදා. පෙබරවාරි මාසේ සෑහෙන්න වැදගත් කමක් තියෙනවා. එක, කැලැන්ඩර් මාස වලින් කොටම මාසෙ පෙබරවාරි. දවස් 28 යි නොවැ. අධික අවුරුද්දක නම් ඒක තවත් විශේෂ වෙලා 29 ක් වෙනවා.
Labels:
ජීවන සටහන්
Friday, February 4, 2011
බර කරත්තයෙන් පුෂ් බයිසිකලයට.... From GPRS to HSDPA
Labels:
ජීවන සටහන්,
නොමැකෙන මතක


