Sunday, March 18, 2012

- ඩිජිටල් ඡායාරූප ෆොටෝෂොප් කරලද කියලා හොයාගන්න හැටි -

තීතයේදී නම් ඡායාරූපකරණය සීමාවී තිබුණේ සේයා පටල කැමරා වලට පමණි. ඒ හැරුණු කොට අතින් ඇඳි සිතුවම් ද මේ ගණයට ඇතුළත් කල හැකියි. කෙසේ වුවත් ඩිජිටල් යුගයේ ආක්‍රමණයත් සමග ඡායාරූපකරණ ද ඩිජිටල්කරණය වී තිබේ. ඩිජිටල් ඡායාරූපකරණය ලෙස වෙනමම ක්ෂේත්‍රයක් දක්වා මේ වන විට මෙය වැඩී වර්ධනය වී තිබේ. එමෙන්ම නියම ඡායාරූපය හා ඩිජිටල් ඡායාරූපය වෙන්කොට හඳුනාගත නොහැකි වන තරමට අද වන විට ඩිජිටල් ඡායාරූපකරණය දියුණු වී ඇත.

Tuesday, March 6, 2012

- අසාමාන්‍ය , අරුම පුදුම ගිනස් වාර්තා -


      වාර්තාවක් කියන්නේ සුවිශේෂී දෙයක්. ගිනස් පොත කියන්නේ ඒ වගේ වාර්තා සටහන් කරලා තියෙන ලේඛණයට. පහුගිය දවස්වල වාර්තා තියන්න ගිහිල්ලා ජීවිතේ නැති කරගත්තු සිද්ධියකුත් වාර්තා වුනා. වාර්තාවක් කියන්නේ මොනවා හරි ක්‍රියාවක උපරිමය සටහන් කිරීමනේ... ඉතින් ඔයගොල්ලන්ගෙත් ඒ වගේ පුද්ගලික වාර්තා එහෙම ඇති නේ. මේ කියන්නේ අන්තර්ජාලයෙන් ඇහිඳගත්තු අපූරු ගිනස් වාර්තා කීපයක් ගැනයි... බලන්නකෝ මේ අමුතු වාර්තා මොනවද කියලා...

Sunday, March 4, 2012

- කාන්තාර මැද පිහිටි ලොව දර්ශණීයම ක්ෂේම භූමි -


හෙනම් ඕං, ආයෙත් ලස්සන පින්තූර ටිකක් අරගෙන ආවා. මේ ටිකේම බරට ලිපියක් පළ කරන්න කරම් වෙලාවක් නෑ. ඉතින් රූප කථා ටිකක් තමා දෙන්න වුනේ. කොහොම වුනත් මේ විදියේ ලිපි වලට ඔයාලා කැමතියි කියලා මම හිතනවා. මේ තියෙන්නේ ලෝකේ දර්ශණීයම ක්ෂේම භූමි. කාන්තාරයක් මැද්දේ තණකොල ගහක් දැක්කත් ඇහැට සනීපයිනේ. ඉතින් බලන්නකෝ මේ ක්ෂේම භූමි කොච්චර ලස්සනට පේනවද කියලා...

Monday, February 27, 2012

- සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ -


      අභිරහස් හා අරුම පුදුම විස්මිත දේවල් ගැන දැනගන්න ඔයාලා හැමෝම කැමතියි නේද ? ඒකට උත්තරේ ඔව් කියලා මම හොඳින් දන්නවා. ඉතින් කාලෙකින් ඒ ජාතියේ ලිපියක් පළ නොකරපු හින්දා මම හිතුවා අද ටිකක් බලලා පුදුම වෙන්න දෙයක් දෙන්න. මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොභාදහම විසින්ම නිර්මාණය කරන ලද අපූරු පිහිටීම් කීපයක්. ස්වභාවික සෑදී ඇති මේ නිර්මාණ මිනිස් අතකින් හදන්න ගියා නම් කොහොම වෙයිද කියලා පින්තූර ටික බලලම හිතාගන්නකෝ...

Wednesday, February 22, 2012

- අන්තර්ජාලයේ ඡායාරූපකරණ පන්තිය : camerasim -


වෘත්තිය මට්ටමේ කැමරාවකින් ඡායාරූපයක් ලබාගැනීම ආධුනිකයෙක්ට නම් තරමක් අසීරු කාරණාවක්. ස්වයංක්‍රීය සැකසුම් වල උදව්වෙන් ඡායාරූප ලබාගත හැකි වුවත් කැමරාවේ ඇති සැකසුම් පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව හොඳ, ගුණාත්මක ඡායාරූපයක් ලබා ගන්නට බැහැ. ඉතින් මේ වගේ වෘත්තිය කැමරාවකින් වැඩ ගන්න හැටි ඉගෙනගන්න නම් අපිට ඡායාරූපකරණ පාඨමාලාවක් හදාරන්න වෙනවා. ඒ වෙනුවෙන් මුදල් හා කාලය වියදම් කරන්න බැරි, ඒත් ඡායාරූපකරණය ගැන උනන්දුවක් තියෙන හැමෝම වෙනුවෙන් ලබාදෙන විශිෂ්ඨ සේවාවක් ගැන තමයි මේ කියන්නේ. එහෙනම් අපි යමු අපේ අන්තර්ජාල ඡායාරූපකරණ පන්තියට...

Saturday, February 18, 2012

- අළුත්ම පරිගණක ගැජට් ටිකක් ගැන දැනගනිමු -

      තාක්ෂණය අළුත් වෙන්නේ හරිම වේගෙන්. මේ අවුරුද්දේ අළුතෙන්ම නිපදවන උපාංගයක් තව අවුරුද්දකින් යල්පැන ගිය එකක් වෙනවා. දිනෙන් දින අළුත් වෙන පරිගණක තාක්ෂණික ලෝකයේ අළුත්ම යෙදුම් ගැන දැනුවත් වෙලා නොඋන්නොත් අපිටත් මේ තාක්ෂණේ මැජික් වගේ වේවි. ඉතින් ඒ වගේ අළුත් අළුත් ගැජට් ගැන දැනගන්න ඔයාලත් කැමති ඇති නේද ? ඔන්න එහෙනම් අළුතෙන් එළි දැක්වුනු පරිගණක උපාංග කීපයක් ගැන තමයි මේ විස්තරය...

Tuesday, February 14, 2012

- ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු -


      දශකයකට පෙරදී නම් අපගේ මතකයන් ඡායාරූපයට නගනු ලැබුවේ සේයාපටල කැමරා මගිනි. නමුත් අද වන විට ඒ තැන ඩිජිටල් කැමරා මගින් ආක්‍රමණය කර අවසානයි. සේයාපටල කැමරාවලදී ඡායාරූප 24 ක් හෝ 36 කට සීමා වූ මතකය, දැන් ඩිජිටල් කැමරා මතකයන් නිසා ඡායාරූප දහස් ගණනක් දක්වා වැඩි වී තිබේ. ඒ පෙර නොතිබුණු නවීනතම ඡායාරූපකරණ තාක්ෂණ සහාය ද සමගිනි. වර්තමානයේදී ඡායාරූපකරණය සඳහා භාවිතා වන ඩිජිටල් කැමරා වල පොදු ගුණාංග පිළිබඳවත්, ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැනත් මේ ලිපියෙන් විමසා බැලේ.

Tuesday, January 31, 2012

- අන්තර්ජාලයේ සිංහල පෙරළිකාරයා [මෙන්න වැඩකාරයෝ...!!!] -


      පහුගිය සතියේ මගේ බ්ලොග් ජීවිතයට අවුරුද්දක් ගෙවුනා කියලා දන්නවානේ... මේ ලිපිය පළ කරන්නේ ඒ වෙනුවෙන්ම නොවුනත් ඊට අදාල කාරණයක් නිසායි. මේ බ්ලොග් අවකාශයේ විසිරිලා ඉන්න නොයෙකුත් විදියේ පරිශීලකයන් හැමෝටම සුවිශේෂී වන, හැමෝටම වැදගත් වන නිර්මාණයක් කරපු... ඒ වගේම පොදුවේ සමස්ථ සිංහල භාෂාවටම ආඩම්බර විය හැකි නිර්මාණ රැසක්ම අපේ රටට දායාද කරපු විශිෂ්ඨ නිර්මාණකරුවෙක් ගැනයි මේ කථාව... කටින් බතල හිටවන බහුතරයක් කසකාරයන් අතරේ, සද්දෙට වඩා වැඩ පෙන්නපු... බතල හිටවලා අලත් ගලවපු වැඩකාරයෙක් අපි අතර ඉන්නවා කියලා ඔයාලා දන්නවද ?