Monday, December 26, 2011

- විනිවිද පෙනෙන අපූරු වීදුරු සත්ත්වයින් -


වෙනිසියුලාවට ආවේනික මේ පාරදෘෂ්‍ය ගෙඹි විශේෂය ස්වභාවධර්මයේ විස්මිත නිර්මාණයක්. වීදුරු ගෙම්බා (Galss Frog) ලෙස හැඳින්වෙන මේ උභයජීවියා සෙන්ට්‍රොලිනීඩේ කුලයට අයත් වෙනවා. සාමාන්‍යයෙන් මේ වීදුරු ගෙම්බන්ගේ ස්වභාවික වර්ණය ලෙමන් පැහැ වූවත්, සමහර ගෙම්බන්ගේ උදර චර්මය පාරදෘෂ්‍ය ආකාරයෙන් පිහිටනවා. මේ නිසා ගෙම්බාගේ ශරීරය තුල පිහිටි හෘදය, අක්මාව හා ආහාර මාර්ගය වැනි අවයව සම තුලින් පැහැදිලිව දර්ශණය කළ හැකියි.


 

----------------------------------------------------------------------

මේ අරුම පුදුම මත්ස්‍යයාගේ හිස පමණක් පාරදෘෂ්‍යයි. බැරල් වැනි ඇස් පිහිටා ඇති නිසා බැරල්අයි (Macropinna microstoma) නමින් හැඳින්වෙන මේ මත්ස්‍ය විශේෂය ජීවත් වන්නේ අඩි 2000 ක් පමණ ඉතා ගැඹුරු මුහුදෙහි ඝන අන්ධකාරය තුළයි. මේ සත්ත්වයා ආලෝකයට ඉතාමත් සංවේදීයි. බළලෙකුගේ ආකාරයට පිහිටි බැරල්අයි ගේ ඇස් ඕනෑම දෙසකට කරකවන්නට හැකි නිසා හිසට උඩින් පිහිනායන ගොදුරක් වුවත් ඌට හොඳින් දර්ශණය කර ගත හැකියි. පාරදෘෂ්‍ය හිස් ආවරණයක් වැනි හිස තුළ, ශරීරය අභ්‍යන්තරයේ මේ ඇස් පිහිටා තිබීම විශේෂත්වයක්. මේ ඇස් නාල වලට ඉහළින් දීප්තිමත් කොළ පැහැති කාච වැනි ව්‍යුහයන් දෙකක් පිහිටා තිබේ. මේවායින් ආලෝකය පෙරා හැරීමක් සිදු කෙරෙනවා. මේ ඡායාරූපයේ ඇස් මෙන් පෙනෙන බාහිර නෙරුම් ඇස් නොව නාස් පුඩු වැනි ව්‍යුහයක් බව සත්ත්ව විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටිනවා.




 ---------------------------------------------------------------------- 

මේ සමනලයා අනෙකුත් සමනලයන්ගෙන් වෙනස් වෙන්නේ පිහාටු වල ඇති සුදු පැහැ පෙදෙස් පාරදෘෂ්‍ය වී පිහිටීම නිසායි. මේ නිසාම මේ සමනල විශේෂය වීදුරු පියාපත් සමනලයින් ලෙස හැඳින්වෙනවා. මෙක්සිකෝව - පැනමා අතර මධ්‍යම ඇමරිකානු කලාපයේ දැකිය හැකි මේ පාරදෘශ්‍ය සමනලයින් බුරුසු-පාද සමනල වර්ගයට අයත්.

 

---------------------------------------------------------------------- 

තවත් චමත්කාරජනක ජීවියෙක්. මේ තමයි වීදුරු දැල්ලා  (Teuthowenia pellucida). දක්ෂිණ අර්ධගෝලයේ මුහුදු කලාපවල දැකිය හැකි මේ විශේෂය ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් හා මෝරුන් වැනි බොහෝ මත්ස්‍ය විශේෂ වල ගොදුරක්. මේ වීදුරු දැල්ලාට උගේ බාහිර උපාංග (ඇස් හා අඬු) ශරීරය තුළට අකුලා ගෙන වීදුරු බෝලයක් මෙන් ගුලිවී සිටින්නටත් පුළුවන්.



 ----------------------------------------------------------------------

මත්ස්‍ය ලෝලීන් අතර සීබ්‍රා මාළුවා නමින් ප්‍රචලිත මත්ස්‍ය වර්ගයට අයත් මේ සත්ත්වයා විද්‍යාඥයින් විසින් විනිවිද පෙනෙන ලෙස ජාන වෙනස් කර නිර්මාණය කරන ලද්දක්. මෙමගින් ඔවුන් අපේක්ෂා කර ඇත්තේ නොයෙකුත් ලෙඩ රෝග මගින්, විශේෂයෙන්ම පිළිකා වැනි තත්ත්වයන් යටතේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වෙනස් වන ආකාරය සජීවීව නිරීක්ෂණය කිරීමයි. මෙමගින් පර්යේෂකයින්ට පිලිකා ගෙඩි (ටියුමර්) වැනි අවස්ථාවකදී එහි පැතිරීම සජීවීව අධ්‍යයනය කරන්නට පුළුවන්.

 

----------------------------------------------------------------------

බැලු බැල්මට පෙනෙන්නේ කිඹුලෙක් සහ මාළුවෙක්ගේ දෙමුහුම් විශේෂයක් වගේ. ඔව්, මේ අපූරු සත්ත්වයා හඳුන්වන්නේ කිඹුල් මාළුවා(crocodile icefish - Channichthyidae) නමින්. ඇන්ටාර්ටිකාව ආශ්‍රිතව හා දකුණු ඇමරිකාවට පහලින් වූ ශීතාධික මුහුදු තීරයේ මේ සත්ත්වයා දැක ගත හැකියි. මේ විස්මයජනක කිඹුල් මාළුවාගේ රුධිරය සම්පූර්ණයෙන්ම අවර්ණයි. ඒ එම රුධිරයේ හිමොග්ලොබීන් හෝ රතු රුධිරාණු නොමැති නිසායි.



  ----------------------------------------------------------------------

මෙන්න තවත් අපූරු ජීවියෙක්. මේ වීදුරු ඉස්සෙක්... Phronima ලෙස හැඳින්වෙන මේ කුඩා ජීවියා අයත් වන්නේ මුහුදු ඉස්සා අයත් වන කාණ්ඩයටමයි. උතුරු අත්ලන්තික් ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ සිදුකල පර්යේෂණ වලදී මෙම ආකාරයේ පාරදෘෂ්‍ය සත්ත්ව විශේෂ කිහිපයක්ම සොයා ගැනීමට පර්යේෂක කණ්ඩායමට හැකිවී තිඛෙනවා. ඔවුන් පවසන්නේ මේ ඉස්සා පාරදෘෂ්‍ය ලෙස සැකසී ඇත්තේ සතුරන්ගෙන් සැවී සිටීමට බවයි. මුළු ශරීරයම විනිවිද පෙනෙන නිසා ගැඹුරු මුහුදේ ඇති ඝන අන්ධකාරය තුළ නොපෙනී සිටීමට පුළුවන්. ඇතුළ පිටත වෙනසක් නැතිව මුළු ශරීරයම පෙනෙන මේ ඉස්සා සොබාදහමේ තවත් විස්මිත නිර්මාණයක් බව නම් කිව හැකියි.


----------------------------------------------------------------------

හවායි අසල මුහුදු තීරයේදී කැමරාවට හසුකරගෙන ඇති මේ පිලව් කූනිස්සාත් විනිවිද පෙනෙන සත්ත්වයෙක්. පාරදෘශ්‍ය ජල්ලි මත්ස්‍යයෙක් ආකාරය දැරුවත් මොහු කූනිස්සෙක් බවයි පැවසෙන්නේ.



----------------------------------------------------------------------

ජල්ලි මාලූ (jellyfish) ආකාරයේ සත්ත්වයෙක් වන මේ සත්ත්වයා හැඳින්වෙන්නේ Salp යන නමින්. ජලයේ ඇති ශාඛ ප්ලාවාංග හා කුඩා ජලජ පැලෑටි ආහාරයට ගෙන ජීවත් වෙන මේ සත්ත්වයා සේද රෙද්දක් සේ පාරදෘෂ්‍ය ගුණයෙන් යුක්තයි. සෙන්ටිමීටර 1- 10 ත් අතර ප්‍රමාණයක් ගන්නා මොවුන් දිගැටි - බැරල් හැඩයෙන් යුතුයි.


----------------------------------------------------------------------

නිඩේරියා වංශයට අයත් ජෙලිෆිෂ් මත්ස්‍යයන් මුහුදු ජීවීන් අතර සුවිශේෂී සත්ත්ව කාණ්ඩයක් ලෙස සහන් කල හැකියි. ඒ අපූර්වත්වය තවත් වැඩි කරන එක් සාධකයක් තමයි ජෙලි මත්ස්‍යයින් බොහෝවිට පාරදෘශ්‍ය වීම. මේ නිසාම මොවුන් පියෙවි ඇසින් දැකීමත් තරමක් අසීරු කාර්යයක් වෙනවා. මෙහි දැක්වෙන්නේ Arctapodema ගණයට අයත් ජෙලි මාලූවෙක්. මොහුගේ ප්‍රමාණය අලක් පමණ වෙනවා. ශරීරය මුළුමනින්ම පාරදෘෂ්‍ය නිසා මේ සත්ත්වයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලම පැහැදිලිව දැක ගත හැකියි.






21 comments:

  1. Thanks machan information walata. E unata pahala tiyana images wadakarnne na. Samahara wita me ratata block karalda danne na.

    ReplyDelete
  2. patta pata pata...........thanks

    ReplyDelete
  3. විස්තරේට ස්තූතියි... ඒත් සමහර පින්තූර වල ඉන්නේ ඔටුන්නක් දාගත්තු හංසයෙක්නේ..

    ReplyDelete
  4. ෆොටෝස් පෙන්නේ නැ! :(

    ReplyDelete
  5. ඊයේ රෑ ලොග් වෙලා බලද්දිත් පින්තූර ටික පේන්නෙ නෑ...අදත් ඒ වගේමයි...අවුලක් වගේ චතුවො....

    ReplyDelete
  6. පෝස්ට් එක නියමයි...
    අන්තිම ෆොටෝ කීපය පේන්නේ නැහැ
    පුලුවන්නම් හදන්න බලන්න

    ReplyDelete
  7. සමහර පොටෝ පේන්නේ නෑ..අවුලක් නෑ..මටත් ආසයි මේ වගේ වෙන්න....

    ReplyDelete
  8. හප්පේ අර ගෙම්බා ගේ හැටි :) අන්තිම පින්තුර ටික පේන්නේ නැහැ නේ...ඔක්කොගෙම ඉන්නේ හංසයෝ..ස්තුතියි චතු විස්තරයට..

    ReplyDelete
  9. බලාගෙන යනකොට මට හිතුනෙ මට විතරයි පේන්නැත්තෙ කියලා...
    අන්තිම පින්තූර තුනයි සමනළයයි පේන්නෙ නැහැනෙ... ඒ වගේම අර වීදුරු ඉස්සගෙ පින්තූරයක් දාන්නත් අමතක වෙලාද කොහෙද...

    ReplyDelete
  10. අන්තිම පින්තුරු ටික මටත් පෙන්නේ නැහැ.
    මුල් පින්තුර ටිකනම් මාර ලස්සනයි.

    ReplyDelete
  11. @ All :

    කියවලා බලලා කමෙන්ට් කරපු / නොකරපු හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ... පින්තූර කීපයක් පෙනිලා නෑ... ඉක්මනින් ඒක හදන්න බැරි වුනාට ආයෙමක් සමාව ඉල්ලා සිටිනවා. වැඩත් එක්ක බ්ලොගේ පැත්ත බලන්න බැරිවුනා...

    ඔක්කොම පින්තූර දැන් වැඩ... ප්‍රතිචාර තියපු හැමෝටම පොදුවේ ස්තුතියි !!!

    ReplyDelete
  12. සමනලයා ඇරුනම අනිත් පින්තූර ඔක්කොම හොදට පේනවා. සමනලයා විතරයි පේන්නේ නැත්තේ. වටිනා කියන තොරතුරක්නේ. බොහෝම ස්තුතියි සහෝ.

    ReplyDelete
  13. මට නම් හිතෙන්නෙ චතූගෙ ඇටෑච්මන්ට් වල අවුලක් නෑ වගේ. පේජ් එක රීප්‍රෙස් ක‍ළාට පස්සේ සමනලයත් පේනව ‍ඔන්න. අනිත් අයත් ට‍්‍රයි එකක් දීලා බලන්න.

    ReplyDelete
  14. පේනවා...! පේනවා...!! පේනවා...!!!
    ලස්සනට ඔක්කොම පේනවා.. සංජිටත් බොහොම ස්තිතියි ඔත්තුව දුන්නට...

    ReplyDelete
  15. හ්ම්ම්ම් නියමයි! අර jelly fish නම් හරිම ලස්සනයි!

    ReplyDelete
  16. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  17. බොහෝම වටින විස්තර ටිකක් දුන්නට බොහොම ස්තුතියි ...

    ReplyDelete
  18. මමත් ආවා..වටින ලිපි ගොඩක් තියෙනවා විවේක වෙලාවට බලන්නම්

    ReplyDelete
  19. ලස්සනයි :)

    ReplyDelete
  20. මේකෙ විස්තර ටිකනම් පට්ටයි.... මේකෙ ඉන්න සමහර සත්තුන්ගෙ රූප මම දැකල තියෙනවා. ඒත් සමහර එවුන් ගැන ඇහුවෙත් අදමයි. විස්තර වගේම ඔයාගෙ අදහසුත් හොඳයි. Blog එකත් හොඳයි.

    ReplyDelete
  21. මේකෙ විස්තර ටික පේන්නේ නැහැ නේ

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...