Thursday, January 31, 2013

- ලෝකේ වටේ විශේෂ තැන් වලට රවුමක් යමු -

      අපේ පෘථීවිය - මිනිස් වර්ගයාගේ නිවහන - වන මේ ලෝකය පුරා දකින්නට, අසන්නට ඇති අරුම පුදුම දේ අනන්තයි - අප්‍රමාණයි. අපි හැමෝටම වගේ ලෝකේ වටේ ඇවිදලා ඒ විස්මය අත් විඳින එක අමාරු කාර්යයක්. එහෙම පුළුවන් වුනා නම් අපේ ලෝකය කොච්චර පුදුමාකාරද ? අද්භූත ද ? විස්මයජනක ද ? කියලා බලාගන්න තිබ්බා. කොහොම වුනත් පෘථිවිය මත ඇති විශේෂම තැන් කීපයක් ගැන අද මං ඔයාලව එක් කරගෙන යනවා... හැබැයි ඇත්තටම නෙවෙයි. ඒ ගැන දැන ගන්න, බලන්නකෝ මේ රූප කථාව...

Saturday, January 26, 2013

- දෙවසරක් සපුරන "චතූගේ කථා" වෙතින් පිදෙන බ්ලොග් ආචාරය -

දිනය - 2011 ජනවාරි 24 වැනි දින
නිමිත්ත - සිංහල බ්ලොග්කරණයට පිවිසීම
නිර්මාතෘ - චතුරංග පෙරේරා
බ්ලොගයේ නම - චතූගේ කථා

    ඉතින් යාළුවනේ... චතූගේ කථා එක්ක අවුරුදු දෙකකුත් ගතවුනා. ඇත්තෙන්ම මේ සටහන ලියවෙන්න ඕනේ 24 වැනිදා වුනත්, දවස් දෙකක් ප්‍රමාද වෙලා හරි මේ සටහන ලියවෙන්නේ මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න සහෘද ඔයාලා වෙනුවෙන්මයි.

Tuesday, January 22, 2013

- 2012 සහ, දෙක තුන වෙච්චි 2013... Flashback 2012 -

http://moneyexcel.com//images/2012.jpg      අවුරුද්දක් ගෙවී තවත් අවුරුද්දක් උදාවුනා. ඕක ඉතින් කැලැන්ඩරේ කොල ගැලවෙන එකයි, ඉලක්කම් හර‍‍ඹයකුයි ඇර වෙන නම් ඇති දෙයක් නෑ. පෘථිවිය වෙනදා විදියටම කැරකෙනවා. උදේ වෙනවා - රෑ වෙනවා... අළුත් දවසක් එනවා...

    හරි හරි ඉතින්... බණ ඇති... මේකා මේ මාස ගාණකින් බ්ලොග් එක මතක් වෙලා ඇවිත් මෙතන බයිලා ගහනවා, නේද ? ඉතින්, අනං මනං නැතුව ඔන්න හැමෝටම සුභ අළුත් (පිළුණු ?‍)  අවුරුද්දක් වේවා කියලා පතනවා. මේ 2013 ට කොටන පළමු වැනි පෝස්ටුව නේ. ඉතින් අවුරුදු විෂ් එක පමා වුනාට තරහ ගන්ට කාරි නෑ ඕං !!!

Wednesday, November 21, 2012

- Contact Lens (සිවි කාච) තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ? -


       ඔබත් කෙදිනක හෝ ටර්මිනේටර් සිනමා පටය නරඹා ඇත්නම් එහි සයිබෝග් වරයෙක් ලෙස රඟන හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වැසනගර් ගේ දෘෂ්ඨිය පිළිබඳ මතක ඇතැයි සිතමි. ඔහුට සිය දෑස් තුලින් පෙනෙන දර්ශණයේ පරිගණක තිරයක මෙන් විවිධ දේ අක්ෂර වලින් සටහන් වී තිබෙනු ඔබට සිහියට නැගෙනු ඇත. ඒ ආකාරයේ ඩිජිටල් දත්ත ඇතුලත් දෘෂ්ඨියක් මනුෂ්‍යයින්ටත් ලැඛෙන්නට යන පුවතක් පසුගියදා වාර්තා වුනා.

Friday, November 16, 2012

- ඇඟිලි සෙලවීමෙන් පරිගණකය හසුරුවන LEAP -


      පරිගණකය සහ පරිගණක තාක්ෂණය කොතරම් දියුණුවට පත්වූවත්, මිනිසා  පරිගණකය සමග සම්බන්ධ වන මූලික ආකෘතිය තවමත් වැඩි වෙනසකට ලක්වී නැත. පරිගණකය තරම්ම පැරණි යතුරු පුවරුවත් (Key Board),  අවුරුදු 40 ක් පැරණි මවුසයත්, මෑතකදී කළ එළි පැමිණි ස්පර්ශ-සංවේදී තිර (Touch Screen) තාක්ෂණයත් පරිගණකය වෙත විධාන ලබාදීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදයි. මේ සෑම උපාංගයක් හා ක්‍රමවේදයක් සමගම මිනිසා හා පරිගණකය අතර භෞතික මැදිහත් වීමක් අනිවාර්යය වී තිබිණි. නමුත් දැන්, ඒ සියළු සීමා මායිම් බිඳ දමමින්, නිදහසේ - වඩාත් ස්වභාවික හා තාත්වික ආකාරයෙන් පරිගණකය වෙත විධාන දෙන්නටත්, ඩිජිටල් ලෝකය හා එක් වන්නටත් නවතම ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

Friday, September 28, 2012

- ඩ්‍රයිවර් නැතුව දුවන ගූගල් කාර් (Google Autonomous Car) –


අන්තර්ජාල දැවැන්තයා වන ගූගල් සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන අතරම අති විශාල පිරිවැටුමක් ද හිමි සමාගමකි. තමා උපයන ලාභය නොයෙක් ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ගූගල් සමාගමේ පිළිවෙතකි. පසුගිය වසරේදී වාර්තා වූ පරිදි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කල ගූගල් සමාගම මෙවර සිය අවධානය යොමු කර තිබෙන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙතයි. ඒ මිනිස් අනුදැනුමකින් තොරව, සම්පූර්ණ ස්වයංක්‍රීයව ධාවනය වන කෘතිම බුද්ධි කාර් රථයක් නිපදවීමටයි.

Wednesday, September 26, 2012

- ශ්‍රවණ තත්ත්වයට හානි නොකර ශබ්ද ගොනු හකුලවන FLAC -


      ශබ්ද ගොනු පිළිබඳව කථා කරන විටදී දත්ත හැකිළීම (Audio Compresson)  පිළිබඳ ද කථා නොකරම බැරිය. ඒ, සම්පීඩනය නොකරන ලද ශබ්ද ගොනු ගබඩා කිරීමේදී අධික ධාරිතාවයක් වැය වන නිසායි. ශබ්ද ඉංජිනේරුවන් විසින් උසස් තත්ත්වයේ ශබ්ද ගොනු මාදිලිය  ලෙස සලකන .WAV ගොනු මාදිලියේදී එක් විනාඩියක් සඳහා මෙගාබයිට 10 ක ඉඩක් වැයවේ. ඒ ආකාරයෙන් ගීතයක් පටිගත කළවිට එය මෙගාබයිට 50 කට ආසන්න ධාරිතාවයක් ගනු ඇත. මේ අධි-ධාරිතාවයකින් යුත් ශබ්ද ගොනු සඳහා විකල්පයක් ලෙස MP3, WMA ආදී ගොනු මාදිලි වඩාත් ජනප්‍රිය විය. ඒ ඒවායේ අඩු ධාරිතාවය නිසායි.

Sunday, September 16, 2012

- 2013 දී එන DDR4 මතක පත් (DDR4 RAM) -


      පරිගණක මතක් පත් (RAM) තාක්ෂණය ද අන් සෑම තාක්ෂණ ක්ෂේත්‍රයක් සේම අධි-වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්‍රයකි. දෙගුණයක දත්ත වේගයක් සමගින් 2000 වසරේදී එළි දුටු DDR තාක්ෂණය DDR2 හා DDR3 ලෙස මේ වන විට විශාල ප්‍රගතියකට ලක්ව ඇත. වර්තමානයේදී DDR3 මතක පත් සෑම උපාංගයකම පාහේ ක්‍රියාත්මක වනු දැකියි හැකියි. ඒ එහි අඩු මිල, ඵලදායිතාවය හා සුලභතාවය නිසායි. DDR3 තාක්ෂණයට වඩා බොහෝ සෙයින් වැඩි දියුණු කරන ලද නවතම තාක්ෂණයෙන් යුත් මීළඟ පරපුරේ මතක පත් ලෙස DDR4 වර්ගයේ RAM එළි දැක්වීමට සූදානම් බව දැන් වාර්තා වේ.