Wednesday, February 22, 2012

- අන්තර්ජාලයේ ඡායාරූපකරණ පන්තිය : camerasim -


වෘත්තිය මට්ටමේ කැමරාවකින් ඡායාරූපයක් ලබාගැනීම ආධුනිකයෙක්ට නම් තරමක් අසීරු කාරණාවක්. ස්වයංක්‍රීය සැකසුම් වල උදව්වෙන් ඡායාරූප ලබාගත හැකි වුවත් කැමරාවේ ඇති සැකසුම් පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව හොඳ, ගුණාත්මක ඡායාරූපයක් ලබා ගන්නට බැහැ. ඉතින් මේ වගේ වෘත්තිය කැමරාවකින් වැඩ ගන්න හැටි ඉගෙනගන්න නම් අපිට ඡායාරූපකරණ පාඨමාලාවක් හදාරන්න වෙනවා. ඒ වෙනුවෙන් මුදල් හා කාලය වියදම් කරන්න බැරි, ඒත් ඡායාරූපකරණය ගැන උනන්දුවක් තියෙන හැමෝම වෙනුවෙන් ලබාදෙන විශිෂ්ඨ සේවාවක් ගැන තමයි මේ කියන්නේ. එහෙනම් අපි යමු අපේ අන්තර්ජාල ඡායාරූපකරණ පන්තියට...

Saturday, February 18, 2012

- අළුත්ම පරිගණක ගැජට් ටිකක් ගැන දැනගනිමු -

      තාක්ෂණය අළුත් වෙන්නේ හරිම වේගෙන්. මේ අවුරුද්දේ අළුතෙන්ම නිපදවන උපාංගයක් තව අවුරුද්දකින් යල්පැන ගිය එකක් වෙනවා. දිනෙන් දින අළුත් වෙන පරිගණක තාක්ෂණික ලෝකයේ අළුත්ම යෙදුම් ගැන දැනුවත් වෙලා නොඋන්නොත් අපිටත් මේ තාක්ෂණේ මැජික් වගේ වේවි. ඉතින් ඒ වගේ අළුත් අළුත් ගැජට් ගැන දැනගන්න ඔයාලත් කැමති ඇති නේද ? ඔන්න එහෙනම් අළුතෙන් එළි දැක්වුනු පරිගණක උපාංග කීපයක් ගැන තමයි මේ විස්තරය...

Tuesday, February 14, 2012

- ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු -


      දශකයකට පෙරදී නම් අපගේ මතකයන් ඡායාරූපයට නගනු ලැබුවේ සේයාපටල කැමරා මගිනි. නමුත් අද වන විට ඒ තැන ඩිජිටල් කැමරා මගින් ආක්‍රමණය කර අවසානයි. සේයාපටල කැමරාවලදී ඡායාරූප 24 ක් හෝ 36 කට සීමා වූ මතකය, දැන් ඩිජිටල් කැමරා මතකයන් නිසා ඡායාරූප දහස් ගණනක් දක්වා වැඩි වී තිබේ. ඒ පෙර නොතිබුණු නවීනතම ඡායාරූපකරණ තාක්ෂණ සහාය ද සමගිනි. වර්තමානයේදී ඡායාරූපකරණය සඳහා භාවිතා වන ඩිජිටල් කැමරා වල පොදු ගුණාංග පිළිබඳවත්, ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැනත් මේ ලිපියෙන් විමසා බැලේ.

Tuesday, January 31, 2012

- අන්තර්ජාලයේ සිංහල පෙරළිකාරයා [මෙන්න වැඩකාරයෝ...!!!] -


      පහුගිය සතියේ මගේ බ්ලොග් ජීවිතයට අවුරුද්දක් ගෙවුනා කියලා දන්නවානේ... මේ ලිපිය පළ කරන්නේ ඒ වෙනුවෙන්ම නොවුනත් ඊට අදාල කාරණයක් නිසායි. මේ බ්ලොග් අවකාශයේ විසිරිලා ඉන්න නොයෙකුත් විදියේ පරිශීලකයන් හැමෝටම සුවිශේෂී වන, හැමෝටම වැදගත් වන නිර්මාණයක් කරපු... ඒ වගේම පොදුවේ සමස්ථ සිංහල භාෂාවටම ආඩම්බර විය හැකි නිර්මාණ රැසක්ම අපේ රටට දායාද කරපු විශිෂ්ඨ නිර්මාණකරුවෙක් ගැනයි මේ කථාව... කටින් බතල හිටවන බහුතරයක් කසකාරයන් අතරේ, සද්දෙට වඩා වැඩ පෙන්නපු... බතල හිටවලා අලත් ගලවපු වැඩකාරයෙක් අපි අතර ඉන්නවා කියලා ඔයාලා දන්නවද ?

Thursday, January 26, 2012

- ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර් -


      කැමරාවක් කියන්නේ හොඳ ආරක්ෂක උපාංගයක්. විශේෂයෙන්ම යම් තැනක සිදුවන දෙයක් පටිගත කිරීමේ හැකියාව වගේම පරිගණකය වැනි අධි-තාක්ෂණික උපාංගයක් සමග සම්බන්ධ කර නිර්මාණාත්මකව භාවිතා කල හැකි වීමත් කැමරා ආරක්ෂණ පද්ධති බිහිවීමට හොඳ උත්තේජනයක් සපයනවා. ඔබේ පරිගණකයට සම්බන්ධිත වෙබ් කැමරාවක් තිබේ නම් ඔබ දැනටමත් පරිගණක ගත කැමරා අත්දැකීමක් ලබා ඇතුවාට සැකයක් නෑ. මේ කියන්නට යන්නේ ඔබේ වෙබ් කැමරාව ප්‍රයෝජනවත් ආකාරයට යොදාගෙන ඔත්තු බැලීමේ උපාංගයක් ලෙස, නොඑසේ නම් ආරක්ෂණ පද්ධතියක් ලෙස පරිගණකය හා වෙබ් කැමරාව යොදාගන්නා ආකාරයක් ගැනයි.

Tuesday, January 24, 2012

- අවුරුද්දක් පුරා චතූගේ කථා අහන බලන හැමෝටමයි... -


     ඉතින් යාළුවනේ...! හිතාගන්න පුළුවන් නේද අද කථාව ? ඔව්, අද මගේ බ්ලොග් එකේ ඇනිවසරි එක... ඒ කියන්නේ ඔයාලා චතූගේ කථා අහන්න අරගෙන අදට අවුරුද්දක් වෙනවා ! ලොකුවට පම්පෝරි ගහන්න තරම් කාරණාවක් නොවුවත්, මගේ බ්ලොග් ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වෙන අද වගේ දවසක පෝස්ට් එකක් නොදා ඉන්නේ කොහොමද ? නේද ? අඛණ්ඩව අවුරුද්දක් පුරා බ්ලොග් එකක් ලියන එකත් ඉතින් හිතන තරම්, පේන තරම් ලේසි දෙයකුත් නෙවෙයි... ඉතින්, මහ ලොකු දෙයක් නොවුනත්, බ්ලොග් ජීවිතයට අවුරුද්දක් පිරෙන මේ වෙලාවේ ඒ සතුට ඔයාලත් එක්ක විඳගන්නයි මේ උත්සාහය...

Sunday, January 15, 2012

- බෑන්ඩ් වේදිකාවේ තිරයෙන් පිටුපස... 01 -


බෑන්ඩ් කථා එක්ක පහුගිය කාලයේදී එකතු වෙලා හිටියා නම්, බෑන්ඩ් ජීවිතේ ගැන පොඩි අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ මගේ බෑන්ඩ් ජීවිතේ ගැන නම් නෙවෙයි. පොදුවේ බෑන්ඩ් සංගීතයත් එක්ක බැඳුණු මූලික ක්‍රියාදාමය ගැන. ඒ කියන්නේ උත්සව අවස්ථාවකට සංගීත කණ්ඩායම වෙන් කරවා ගැනීම, ස්ටේජ් හා විදුලි ආලෝක, ශබ්ද උපකරණ හා සංගීත උපාංග ආදී බෑන්ඩ් එකක් සඳහා අත්‍යාවශ්‍ය අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සිදුවන ආකාරය ගැනයි. මේ සියල්ලම සමග වේදිකාව මත වාදනය කරන සංගීත කණ්ඩායම සතු සංගීත උපාංග හා ශබ්ද උපකරණ ගැන පොඩි හැඳින්වීමක් ගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. 


Sunday, January 8, 2012

- ගෙවී ගිය 2011 වසරේ මගේ මතක සටහන් (Flash-back 2011) -


ව වසර උදාවී සතියකටත් වඩා ගෙවී ඇතත්, 2012 වසරේ මා විසින් පළකරන පළමු සටහන මෙය නිසා, බ්ලොග් රචක / පාඨක ඔබ සැමටම 2012 වසර සුභ නව වසරක් පතන්නට මුලින්ම අවසර...!

ඉටු නොවූ පැතුම් සපිරෙන... 
සිතේ සතුට ඉතිරෙන... 
යහපත් හැඟුම් පීදෙන 
සුභම සුභ නව වසරක් වේවා...!!!

පහුගිය මාසෙ, දෙකේ මගේ බ්ලොග් එකේ කටයුතු බොහෝ දුරට අඩාල වුනා. ඒ ගැන සමාව ඉල්ලන්න කලින් හේතු දක්වන්න අවසර ඕං...