අද ජුනි මාසේ 30 වැනිදා... මේ මාසේ අන්තිම දවස... ඒ වගේම අවුරුද්දක පළමු අර්ධයේ අවසාන දවස... ! ඒ වුනත්, අද... ජුනි 30 කියන්නේ මගේ ජීවිතේ නම් පටන්ගත්ත දවස. ඔව්... හරියටම මීට අවුරුදු 2 කට කලින් මම මගේ චූටි නෝනිත් එක්ක ජීවිතේ පටන් ගත්තා. තනියෙන් ගත කරපු ජීවිෙත් දෙන්නා එක්ක බෙදා ගත්තා. දැන් අවුරුදු දෙකක්ම ඇවිත්...! අවුරුදු දෙකක් පවුල් කනවා කියන්නේ ඉතින් ආයි ලේසි පහසු වැඩක් නම් නෙවේ. ඔය බැඳපු උන‍්දැලැ නම් දන්නවා ඇතිනේ. නොබැඳපු උන් ඉතින් බැඳලම වටහාගනිල්ලකො...
Thursday, June 30, 2011
Friday, June 24, 2011
පොඩි එකාට මාස පහයි...! එන්න... ඇවිදින් අත දෙන්න...
මේක දැකලා අහක බලාගෙන යන්න නම් එපා ඕං... ඔයාලගේ උදව් අවශ්‍ය වෙලාවකයි මේ ලියන්නේ. ඉතින් පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් විනාඩි පහක් කියවලා පොඩි සහයෝගයක් දෙන්න අප්පා.
මාස 5 ක පොඩි එකෙක්... හුර...තල් වයස නේද ? මේ මොන විකාරයක්ද ? ඇයි අප්පා බලන්නකෝ පොඩ්ඩක් කැරකිලා...ඔය ඉන්නේ ලස්සනට නිල් පාටට ඇඳගෙන... චූටි කොලු පැටියා. කොහොමද ? මගේ කොල්ලා ලස්සනට ඉන්නවා නේද ?
Labels:
ජීවන සටහන්,
බ්ලොග්කරණය
Friday, June 17, 2011
Intel සමාගමේ වැඩ පාන අසල්වැසි ඉන්දියානුවා - Ajay Bhatt | අජේ බාත්
අප වර්තමානයේ භාවිතා කරන පරිගණකය, නැතහොත් පරිගණක තාක්ෂණය යනු එක් පුද්ගලයෙක් හෝ එක් සමාගමක් මගින් දියුණු කරන ලද දෙයක් නොවේ. පරිගණකය අද පවතින තත්ත්වයට දියුණු කිරීම සඳහා ශ්‍රමයෙන් මෙන්ම සිය නුවණින් ද බොහෝ දෙනෙක් දායක වී ඇත. පරිගණක තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා සිය දායකත්වය සපයමින් පරිගණක ක්ෂේත්‍රය තුල වැදගත් මෙන්ම විප්ලවීය සොයාගැනීම් කිහිපයකම අයිතිකරු වූ එවැනි සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳවයි මේ සටහන...
Labels:
චරිත කථා,
තාක්ෂණික,
විද්‍යාත්මක
Tuesday, June 14, 2011
ඉන්න තැන පෙන්නන්න - Google Maps බ්ලොගයට දාගන්න
හිතුන හිතුන වෙලාවට ලෝකෙ වටේ ඕනෙ තැනක යන්න එන්න තරම් ඉතින් අපිට පිනක් කොයින්ද නේද ? ඒත් ඉතින් හැබැහින් නොවුනත් ලෝකෙ වටේ යන්න නම් ඕනෙ තරම් ක්‍රම තියෙනවා නොවැ. කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙලා Google Maps දාගත්තම ලෝකෙ ඕනෑම තැනක ඇවිදින්න පුළුවන්. Google Maps සේවාවෙන් ලෝකෙ පුරා කීදෙනෙක් නම් වැඩ ගන්නවද... මේ සේවාවන් නිසා අන්තර්ජාලය ඇතුලේ දැන් වෙනම Map culture එකක් ඇතිවෙලා. ඒ තමයි තමන් ඉන්න තැන පෙන්නන්න Maps යොදා ගැනීම. Google Maps භාවිතා කරලා ඕනෙම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් තමන්ගේ බ්ලොගේට / වෙබ් එකට Map එකක් දාගන්න පුළුවන්...
Labels:
අන්තර්ජාලය,
උදව් ලිපි,
බ්ලොග්කරණය
Sunday, June 12, 2011
සිංහලෙන් සොයන්න... SSE (Sinhala Search Engine)
සිංහලෙන් හොයන්න තරම් දෙයක් අන්තර්ජාලයේ නෑ කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනාත්මකව බලන කොට ලංකාවේ අපේ සිංහල බ්ලොග් අඩවි / වෙබ් අඩවි ප්‍රමාණාත්මකව අඩු වුනත් අපේ සිංහල පරිශීලකයන් ප්‍රමාණයත් එක්ක බලනකොට නම් දැවැන්ත සිංහල අන්තර්ගතයක් දැන් අන්තර්ජාලය තුල විසිරිලා තියෙනවා. මේ දැවැන්ත සිංහල තොරතුරු සම්භාරයෙන් වැඩක් ගන්න නම්, මේ තොරතුරු පිළිවෙලකට තිබුනා නම් හොඳයි නේද කියලා මට හිතුනා. මම මේ ගැන ලියන්න හිතේ තියාගෙන ඉන්දැද්දී තමයි යසන්ත මල්ලියා ලංකාවේ සින්ඩි ගැන post එකක් දාලා තිබුනේ. ඒකට කෙලින්ම සම්බන්ධයක් නැතත්, යම් විදියක සම්බන්ධයක් තියෙයි කියලා හිතෙනව නම් නොබලපු කෙනෙක් ඉන්නව නම ඒ පැත්තේ ගිහින් ඒ ලිපිය බලලා ආවත් කමක් නෑ...
Labels:
අන්තර්ජාලය,
කාලීන,
සංකල්ප,
සිංහල
Wednesday, June 1, 2011
Thursday, May 19, 2011
දිලුම් අයියේ... නිවන් දකින්නට කලින් ආයෙත් වරෙන්...
හරියටම මීට අවුරුදු 8 කට කලින්, මැයි මාසෙම 21 වැනිදා මගේ අයියා මේ ලෝකෙ දාලා ගියා... එදා දැනුනු විදියටම අදත්... මේ දැනුත් සහෝදර කැක්කුමකින් පපුව පිච්චිලා ගියා... දිලුම් අය්යේ... උඹත්... මැයි මාසෙම යන්න ගිහින්... කවදාවත් නොදැක්කත්, හමු නොවුනත්, හැබහින් වචනයක් කථා නොකලත් ඔයාගේ පොස්ට් එක දැකපු දවසේ ඉඳලා ඔයාගේ උදව්වට බැනර් එකක් මගේ බ්ලොග් එකෙත් එල්ලුවා. ඒ හරියටම මගේ බ්ලොග් එක පටන් අරන් දවස් 2 කින්... දැන් ... අද... මගේම අයියා නැතිවුනු දවසට දවස් 2 කට කලින් දිලුම් අයියා අපිව දාලා ගිහින්... !!!
Labels:
අමතක නොවෙන සිදුවීම්,
නොමැකෙන මතක
Monday, May 16, 2011
බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය #3
හොඳයි... එහෙනම්... දෙයියනේ කියලා බට්ටගේ හීනේ ඉවර කොරන්නයි යන්නේ !!! අද මේ පළ වෙන්නේ 3 වැනි සහ අවසාන කොටස. මීට කලින් කියපු 1කොටස හා 2 කොටස කියෙව්වේ නැත්නම් හොඳ ළමයි වගේ දැන්මම ගිහින් කියවලා එන්න. මතක ඇතිව මේ කොටස් තුනම කියවලා බට්ටගේ හීනෙ බැලුව නම් මොකද හිතෙන්නේ කියලා පොඩ්ඩක් කියලා යන්නකෝ...
බට්ටා කලින් කියපු ඔක්කොම කතන්දර ටික, ඒ කියන්නේ මිනිසාගේ පහළවීමේ ඉඳන් වර්තමානය දක්වා අවුරුදු තුන් ලක්ෂයක සිද්ධි ටික විනාඩි ගානක කෙටි චිත්‍රපටයක් වගේ ගිහින් ඉවර වුනා. දැන් බට්ටට පේන්නේ අනාගතය... අතීත සිද්ධි ටික වර්තමානයට ඇවිත් දැන් අනාගතයට යනවා.
“ඒ ගොල්ලෝ එනවා...!!! අපි සූදානම් වෙන්න ඕනෙ...”
“හොඳයි... ප්‍රති ගුරුත්ව මෙවලම ක්‍රියාත්මක කරන්න.,
“අපට තියෙන්නේ සීමිත කාලයක්... නිවරද්‍යතාවය හරියටම තබාගත යුතුයි...”
“ඔව්... අපිට පෘථිවිය විනාශ වෙන්න දෙන්න බෑ... මේක සෑහෙන්න වැදගත් දෙයක්...”
ලූනික් යානය අවුරුදු ලක්ෂ 02 කටත් වැඩි කාලයක් අක්‍රියව පෘථිවිය වටා කක්ෂගතව පැවතිනි. නමුත් දැන් එයට සක්‍රිය වන්නට කාලයයි. මේ එළෙඹී ඇත්තේ පෘථිවිය මත ජීවයේ තීරණාත්මක අවස්ථාවයි. විශ්වය මත ඇති නොයෙකුත් ශිෂ්ඨාචාර අතරින් නිබ්රුවරුන් ට විරුද්ධ බලවේගයක් ඇවිත්. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ නිබ්රුවරුන් ගොඩනැගූ ලෝකයක් වන පෘථිවිය මල ලෝකයක් බවට පත් කරන්නටයි. ඔවුන්ගේ වෑයම පෘථිවිය තව තවත් සූර්යයා දෙසට ලං කිරීමයි. දැනටමත් (මේ වන කොට ගෙවෙන්නේ වර්ෂ 2342 යි) පෘථිවිය මත උෂ්ණත්වය දැරිය නොහැකි තරමට වැඩි වෙලා. ඒ පෘථීවිය මත පසුගිය කාලයේ ඇතිවුනු ලෝක යුද්ධ හා වෙනත් ආපදාවන් හේතුවෙන්. මනුෂ්‍යයන් දැනටමත් වාසය කලේ පොළොව යට ඇති භූගත පාතාල නගරවලයි. මේ විරුද්ධ සක්වලයින්ගේ උත්සාහය වන්නේ පෘථිවිය තව තවත් සූර්යයාට ලං කරවා එහි උෂ්ණත්වය තවත් වැඩි කරවීමයි.

නිබ්රු වරුන් ලූනික් යානයේ සිට ක්‍රියාත්මක වුනා. පෘථිවිය මත රාත්‍රී කාලය ගත කරන පෘථිවි වාසීන්ට නම් හොඳ දර්ශණයක් දකින්නට තිබිණි. නමුත් ඉතිරි වී සිටි පෘථිවි වාසීන් සියළු දෙනාම පොළොව යට නිසා හඳ ඇවිදින ආකාරය ඔවුන්ට බලන්න ලැබුනේ නෑ. අනෙක් කාරණය තමයි නිබ්රු වරුන් හා ලූනික් යානය ගැන පෘථිවිය මේ වෙන කොටත් දැනගෙනයි හිටියේ...
විරුද්ධ සක්වලයන්ගේ ගුරුත්ව බල ක්ෂේත්‍රය ක්‍රියාත්මක කරනු ලැබුවා. දැන් පෘථිවිය සිය ස්ථාවර කක්ෂයෙන් මිදී සෙමෙන් සෙමෙන් සූර්යයා දෙසට ඇදේ. ලූනික් යානාව විරුද්ධ සක්වල යානාව අසලට ඇදුනා. ලූනික් යානයේ ප්‍රති ගුරුත්ව මෙවලම ක්‍රියාත්මක වුනා. දැන් යානා දෙක අතර ගුරුත්ව බල යුද්ධයක්...!!! පෘථිවි පාලක විද්‍යාඥයින් මේ සංසිද්ධිය බලාගෙන හිටියත් මේ සඳහා මැදිහත් වෙන්න බැරි තරමටම මේ බලය වැඩියි. ඒක නිසා ඔවුන්ටත් බලාගෙන සිටීම හැර වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.
අවසානයේ නිබ්රුවරුන්ට ජය හිමිවුනු අතර විරුද්ධ සක්වල යානාව විනාශ කරනු ලැබිණි. ඒ දැවැන්ත කම්පනයෙන් පෘථිවි තලය දෙදරා ගිය අතර පාතාල නගර දෙක තුනකට සුළු හානි සිදු විනි. නමුත්... වැදගත් ම දේ... මෙච්චර කාලයක්, අවුරුදු ලක්ෂ 02 කටත් වැඩි කාලයක් තිස්සේ පෘථිවියේ පාළු මකපු, රාත්‍රියේ අඳුර කැපූ සඳ - නිබ්රු වරුන්ගේ ලූනික් යානය දැන්... අතිශය තීරණාත්මක මොහොතක් ලඟ...
මෙතරම් කාලයක් නිබ්රුවරුන් අපේක්ෂාවෙන් සිටි මොහොත එළෙඹුනා. තමන් අතින් හදා වඩා දියුණුවට පත්කළ මනුෂ්‍ය වර්ගයාත්, පෘථිවි තලයත් විනාශයට පත් වනු බලා සිටිය නොහැකියි. සිදුවන දැවැන්ත උෂ්ණත්ව වෙනසත් සමග මනුෂ්‍ය වර්ගයාගේ අනාගත පැවැත්ම අවිනිශ්චිතයි. ඉතින් කළ යුත්තේ පෘථිවිය මත උෂ්ණත්වය ජීවය පැවතිය හැකි මට්ටමකට පත් කිරීමටයි. මේ එයට වාරයයි...
මෙතෙක් කලක් පෘථිවියේ කටයුතු වලට සෘජුවම මැදිහත් නොවී සිටියත් පෘථිවි වාසීන්ගේ දියුණුව හා පැවැත්ම වෙනුවෙන් නිබ්රුවරුන් විශාල වැඩ කොටසක් සිදුකලා. ප්‍රසිද්ධියේ පෘථිවි වාසීන් හට නිරාවරණය වූ මේ මොහොතේ ලූනික් යානයට හා නිබ්රුවරුන්ට පැවරී තිබුනේ ෛඑතිහාසික කාර්යයකි. ඒ පෘථීවිය දැනට රැඳී ඇති අස්ථාවර කක්ෂයෙන් එපිටට රැගෙන ගොස් පෘථීවිය සූර්යයාගෙන් ඈත් කොට වඩාත් අඟහරු දෙසට ලං කිරීමයි. එමගින් පෘථිවියේ උෂ්ණත්වය පාලනය කිරීමයි.
ඉතින්... ලූනික් යානය තම උපරිම බලයෙන් ක්‍රියාත්මක වුනා. පෘථීවිය වෙත සිය ගුරුත්ව බලය විහිදුවා එමගින් පෘථීවිය සූර්යයාගෙන් තවත් ඈත් කෙරුන අතර එමගින් පෘථිවිය මත ජීවය මත ජීවය සුරක්ෂිත කෙරිනි. දශක ගණනාවක් තිස්සේ තිබුණු පරිසර උෂ්ණත්වය අංශක 16 ක් දක්වා පහත වැටුනි. පාතාල නගරයන්හි උෂ්ණත්වය අඩු මට්ටමක් දක්වා පාලනය කර තිබුණු නිසා පෘථිවි තලය මත දැන් පවතින උෂ්ණත්වයත් පාතාල නගරයන් හි පැවති උෂ්ණත්වයත් එක මට්ටමක පැවතිනි. ඒ නිසා පෘථිවි වාසීන්ට පාතාල නගරයන්ගෙන් මිදී නැවතත් පෘථිවි තලය මත ජීවිතයට හුරුවීමට අපහසු නොවනු ඇති.
අතීතයේ නිල්ල පිරී පැවති සහරා ප්‍රදේශය මිනිසෙකුට දැකීමට පවා බිය උපදවන තරමේ කාන්තාරයක් බවට පත් කෙරුනේ නිබ්රුවරුන්ගේ සැලසුම් වල ප්‍රතිඵල ලෙසිනි. විශ්වය ජය ගැනීමට අවශ්‍ය වන සියළුම දැනුම දැවැන්ත සහරා කතර මැද සැඟව පැවතිනි. දැන් නිබ්රුවරුන් පෘථිවිය හා සම්බන්ධ වන අවසන් අවස්ථාවයි. සහරා කතර මැද ඇති නිබ්රුවරුන්ගේ තාක්ෂණාගාරය මගින් ඉදිරි දිනෙක පෘථිවි වාසී මනුෂ්‍ය වර්ගයා නිබ්රු ලෝකය වෙත ගමන් කරන තුරු පෘථිවිය හා නිබ්රු අතර නැවත සම්බන්ධයක් නොපවතිනු ඇත. සහරාහි තාක්ෂණාගාරය මුළු සහරා කතර පුරාම පැතිරී ඇති දැවැන්ත පර්යේෂණාගාරයකි. පෘථීවිය සිය නව කක්ෂයේ ස්ථාන ගත වීම සමග සහරා තාක්ෂණාගාරයද ලොවට විවර විනි. පෘථිවිය මත අළුත් කථාවක් මෙතැන් සිට ලියැවෙනු ඇති...
ලූනික් යානය සිය ෛඑතිහාසික සංචාරය නිමාවට පත් කරමින් සිටියාය. ගුරුත්ව බල ක්ෂේත්‍රය සඳහා බලය යෙදවීමෙන් එහි ශක්ති ප්‍රභවයන් දැවැන්ත ලෙස ක්ෂය වී ගොසිනි. එසේම නැවතත් නිවැරදි කළ නොහැකි තරම් දරුණු ලෙස මුළු යානාවේම ස්ථායිතාව බිඳ වැටී ගොස් තිබිණි. ක්‍රම ක්‍රමයෙන් පෘථිවියෙන් ඈත් වී යන ලූනික් යානාව... පෘථිවි වාසීන්ගේ සඳ... සදහටම පෘථිවියෙන් සමු ගත්තාය...!!!
කාලගුණයේ සිදු වී ඇති විපර්යාසය ගැන පෘථිවි විද්‍යාඥයින් විමර්ෂණය කරමින් වුන්හ. අළුත් පෘථිවියේ අනාගතය ගැන සෑම තැන්හිම අළුත් බලාපොරොත්තු ඇතිවී තිබිණි. නමුත් ශිෂ්ඨාචාරයෙන් ශිෂ්ඨාචාරයට මිනිස් වර්ගයා සමග ළඟින් සිට පෘථීවියට තනි රැක්ක ගමන් සගයා වූ පෘථීවියේ එකම චන්ද්‍රයා සදහටම අහිමි වී ඇති බව පෘථිවි වාසීන් දැන ගන්නා විට...???
“අද යන්නැද්ද... පරක්කු වෙනවා නේද ???” නෝනිගේ කෑගැහිල්ලත් සමග බට්ටාගේ film එක එක පාරටම නැවතුනා.
දනිපනි ගාලා බට්ටා ඇඳෙන් නැගිටලා එළියට දිව්වේ හඳ තියෙනවද බලන්නයි...
කෝ බලන්න... ඇත්තටම හඳ තියෙනවද කියලා...!!!
- අවසානයි -
මෙම ලිපි පෙළ අන්තර්ජාලයේ නොයෙකුත් අඩවි වල වූ තොරතුරු ඇසුරින් සකස් කරන ලද කතෘ නිර්මාණයකි. මෙහි එන සියළුම රූ සටහන් Google Image Search වෙතින් ලබාගත් ඒවා වන අතර එහි සියළු අයිතිය ඒවායේ මුල් හිමිකරුවන් සතුවේ.
Labels:
ඒලියන්,
ප්‍රබන්ධ,
බට්ටගේ හීන,
විද්‍යාත්මක





