Wednesday, December 31, 2014

Windows 10 සමග එන අළුත්ම මයික්‍රොසොෆ්ට් බ්‍රවුසරය - Spartan

යික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඔවුන් සිතූ තරම් ජනප්‍රිය නොවූ බව ජනප්‍රිය කරුණකි. ඔවුන් විසින් ඒ අසාර්ථකත්වය උදා කරගත්තේ පරශීලක කැමැත්තට වඩා සමාගමේ අභිප්‍රායයන් සිය නව මෙහෙයුම් පද්ධතියට පටවන්නට ගත් තීරණය නිසාවෙනි. දැන් පෙනෙන්නට තිබෙන්නේ ඒ හිතුවක්කාරකම් පැත්තකට කර, සිය පරණ මෝඩකම් මඟ ඇර ගනිමින් මයික්‍රොසොෆ්ට් සමාගම අලුත් පාරක යන්නට සූදානම් බවයි. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන්නට නියමිත නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10, මෙතෙක් බිහිවූ හොඳම මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය කරන්නට ඔවුන් අධිෂ්ඨාන කරගෙන ඇති බව පසුගිය මාස කිහිපයක සිටම අපට පෙනෙන කරුණු වලින් සනාථ වෙමින් පවතී. වින්ඩෝස් 8 හි සිට වින්ඩෝස් 9 ඉදිරිපත් කරනවා වෙනුවට, සම්පූර්ණ වෙනසක් පෙන්වීම සඳහා නව මෙහෙයුම් පද්ධතියේ නම පවා වින්ඩෝස් 10 ලෙස වෙනස් කිරීමම එයට නිදසුනක් පමණී. දැන් මේ  වින්ඩෝස් ‘යහගුණ‘ තවත් වැඩි කරලීම සඳහා මෙතෙක් කල් වින්ඩෝස් පද්ධතියේ අනිවාර්ය බ්‍රවුසර සගයා වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙනුවට නවතම වෙබ් බ්‍රවුසරයක් වින්ඩෝස් 10 සමග හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට්  සමාගම සූදානම් බව අසන්නට ලැබේ.

Monday, November 24, 2014

මේ දවස් වල මොකද වෙන්නේ...!!!

   
තින්, කොහොමද...? ආ.....! ඔයාලා නම් ටිකක් විතර වෙනස් වෙලා වගේ... ඇයි ඉතින් දෙයියනේ කොච්චර කාලෙකට පස්සෙද මේ. ඇත්තටම කිව්වොත් මමත් හිතුවේ නෑ නොලියාම ඉන්නවා කියලා. ඒත්, ලියන්න වුනේ නෑ... අනේ මන්දා. සමහරු තරහත් ඇති... දෙයියනේ කියලා ඒ සැමගෙන් ම සමාව ඉල්ලන ගමන් අපි කථාව පටන් ගමු...

Monday, June 23, 2014

- Elon Musk නැමැති නූතන අනාගතවේදියාගේ නවතම පියවර -

ඊලොන් මස්ක් (Elon Musk)යනු කවුරුන් දැයි ඇමෙරිකානු පුරවැසියන් නම් හොඳින් දනිති. ඔහු මහා ව්‍යාපාරිකයෙකි, උපාධිධාරී ඉංජිනේරුවෙකි, නව නිර්මාණකරුවෙකි, අනාගත වේදියෙකි. මේ සියල්ලම එක්ව ගත් කල ඔහු ලෝකයේ වර්තමාන මුහුණත වෙනස් කරන යුග පුරුෂයෙක් ලෙසද සමහරුන් විසින් හඳුන්වන්නට යෙදෙයි. ඒ ඔහු විසින් දියත් කරන්නට යෙදී ඇති විප්ලවකාරී, සුපිරි ව්‍යාපෘති නිසාවෙනි.