skip to main |
skip to sidebar
දැනුම බෙදා හැරීම සඳහා මිනිස්
ලෝකයේ භාවිතා වන සාර්ථකම උපාය මාර්ගය ලෙසින් පුස්තකාල හැඳින්විය හැකියි. අන්තර්ජාලය
පැමිණෙන්නට පෙර නොදන්නා කරුණක් සොයා ගන්නට ඔබටත් මටත් අනිවාර්යයයෙන්ම ලඟම පිහිටි පුස්තකාලය
වෙත යන්නට සිදුව තිබිණි. දැනුම් ගබඩා ලෙස සැලකෙන පුස්තකාල විශේෂ වන්නේ ඒවායේ ඇති අතිවිශාල
පොත් සම්භාරය නිසා පමණක් නොවේ. යම් පුස්තකාලයක ඇති පොත්වල දුර්ලභ හා පැරණි බවත්,
පවතින පොත් වල ගුණාත්මක
බවත්, පුස්තකාලයේ අනන්‍ය
බවත් යන සාධක එක්ව ගත් කළ පුස්තකාලයක් යනු වෙනමම සංස්කෘතියක් ලෙසින් ද ගත හැකියි. ලෝකයේ
ඇති විශිෂ්ඨතම පුස්තකාල අතරින් හොඳම පුස්තකාල 10ක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ඔබේ
දැනුම් පොතට තවත් නැවුම් දැනුමක් එක් කරමිනි.