ඔබත් කෙදිනක හෝ ටර්මිනේටර් සිනමා පටය නරඹා
ඇත්නම් එහි සයිබෝග් වරයෙක් ලෙස රඟන හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වැසනගර් ගේ දෘෂ්ඨිය
පිළිබඳ මතක ඇතැයි
සිතමි. ඔහුට සිය දෑස් තුලින් පෙනෙන දර්ශණයේ පරිගණක තිරයක මෙන් විවිධ දේ අක්ෂර
වලින් සටහන් වී තිබෙනු ඔබට සිහියට නැගෙනු ඇත. ඒ ආකාරයේ ඩිජිටල් දත්ත ඇතුලත්
දෘෂ්ඨියක් මනුෂ්යයින්ටත් ලැඛෙන්නට යන පුවතක් පසුගියදා වාර්තා වුනා.
Wednesday, November 21, 2012
Friday, November 16, 2012
- ඇඟිලි සෙලවීමෙන් පරිගණකය හසුරුවන LEAP -
පරිගණකය සහ පරිගණක තාක්ෂණය කොතරම් දියුණුවට පත්වූවත්, මිනිසා පරිගණකය සමග සම්බන්ධ වන මූලික ආකෘතිය තවමත් වැඩි වෙනසකට ලක්වී නැත. පරිගණකය තරම්ම පැරණි යතුරු පුවරුවත් (Key Board), අවුරුදු 40 ක් පැරණි මවුසයත්, මෑතකදී කළ එළි පැමිණි ස්පර්ශ-සංවේදී තිර (Touch Screen) තාක්ෂණයත් පරිගණකය වෙත විධාන ලබාදීම සඳහා භාවිතා කරන ප්රධාන ක්රමවේදයි. මේ සෑම උපාංගයක් හා ක්රමවේදයක් සමගම මිනිසා හා පරිගණකය අතර භෞතික මැදිහත් වීමක් අනිවාර්යය වී තිබිණි. නමුත් දැන්, ඒ සියළු සීමා මායිම් බිඳ දමමින්, නිදහසේ - වඩාත් ස්වභාවික හා තාත්වික ආකාරයෙන් පරිගණකය වෙත විධාන දෙන්නටත්, ඩිජිටල් ලෝකය හා එක් වන්නටත් නවතම ක්රමයක් හඳුන්වා දී තිබේ.